සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස තාවකාලිකව හෝ පත්කර රට ස්ථාවර කල යුතු යයි පසුගිය අරගල සමයේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ වූ සාකච්ඡාවක දී ඉල්ලා සිටියද ඔහු ඊට අකමැති වූ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස කළ ඉල්ලීම පිළිබඳව සිදු කළ දීර්ඝ සාකච්ඡාවක් අතරතුර මෙම ඉල්ලීම සිදු කළ බවත් ඔහු පැවසීය.
නමුත් පක්ෂ නායකයා වන තමන් සිටියදී වෙනත් අයෙකු අග්‍රාමාත්‍ය ධුරය භාර නොගත යුතු බවට සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාවේ එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් ඔහුද වගකීම බාර නොගත් බවත් හෙතෙම සඳහන් කළේය.
එකල පැවැති අරාජික අස්ථාවර තත්ත්වය මත කිසිවෙකු බාර නොගත් රට රනිල් වික්‍රමසිංහ මහතා තනි පුද්ගලයකු කොන්දේසි කිසිත් නැතිව බාරගෙන මේ වන විට රට ස්ථාවර කිරීමට සමත් වී සිටින බවද ඔහු කියා සිටියේය.
හර්ෂ ද සිල්වා මහතාට මුදල් අමාත්‍ය ධූරය ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටියත් හර්ෂ ද සිල්වා මහතා කැමැත්තෙන් පසු වූයේ පුද්ගලයෙක් ලෙස නොව පක්ෂයක් ලෙස ආණ්ඩුවට සහාය දීම බව ද ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදීය.
