gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හරක් කටාගේ පෙත්සම කැඳවූ අවස්ථාවේ අධිකරණය තුළ උණුසුම් තත්ත්වයක් (VIDEO)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සලිදු මල්ශික හෙවත් කුඩු සලිදු යන අයගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමට අදාලව අප්‍රේල් මස 4 වැනිදා ට පෙර සීමිත විරෝධතා ගොනු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20) නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

හරක් කටා නැමති සැකකරු වෙනුවෙන් ඔහුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම සැකකරුගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම රජයට තිබෙන බව සඳහන් කළා.

මෙම අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් මුළුමනින්ම උපකල්පනය කරන ලද කරුණු මත ගොනු කර තිබෙන හෙයින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වී තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම්වලට අදාල සීමිත විරෝධතා අප්‍රේල් මස 4 වැනිදාට පෙර ගොනුකරන ලෙසයි අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka