gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෝඨා ගත් තීන්දුවෙන් වැරදුණ තැන ගැන මහාචාර්යවරුන්ගෙන් අනාවරණයක්!

ලක්ෂ 16ක් ව පැවති බදු ලිපි ගොනු ප්‍රමාණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා යටතේ පත් වූ රජය හඳුන්වා දුන් බදු ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් ලක්ෂ 4ක් දක්වා අඩු වූ බව කොළඹ විශ්වවිද්‍යාලයීය කළමනාකරණ මූල්‍ය පීඨයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්‍ය නිහාල් හෙන්නායක මහතා පවසනවා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මේ අතර, බදු දැල තුළට අලුතින් පිරිස් හසු කර ගන්නවාට වඩා මෙම බදු ගොනු ලක්ෂ 4 සක්‍රීය කිරීම පහසු බව යි මහාචාර්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

එසේම මහාචාර්‍ය නිහාල් හෙන්නායක මහතා සඳහන් කරන්නේ, මෙම බදු ලිපි ගොනු ලක්ෂ 12 නැවත සක්‍රීය කිරීමෙන් රජයටත් වෘත්තිකයන්ටත් ජයග්‍රාහී ස්ථානයකට පැමිණිය හැකි බව යි.

මෙසේ බදු ලිපි ගොනු ප්‍රමාණය ලක්ෂ 4ක් දක්වා පහළ බැසීම නිසා අහිමි වී ගිය සියලු බදු බර දරන්නට වී ඇත්තේ, ලක්ෂ 4ක් පමණ වන වෘත්තිකයන්ට බව යි මහාචාර්‍යවරයා අවසාන වශයෙන් සඳහන් කරන්නේ.




gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka