gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජී.එල්. සභාපති ධූරයෙන් ඉවත් කරයි!

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ විධායක සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

විධායක සභාව පසුගිය සතියේ රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කර සිටී.

පක්ෂයේ නව සභාපති ධුරය සඳහා තෝරා ගැනීමට නියමිත පුද්ගලයා සම්බන්ධයෙන් යෝජනා 2ක් මේ වනවිට සලකා බලමින් ඇතැයි නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා තිබේ.

ඉන් එකක් වන්නේ සභාපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු පත් කළ යුතු බවට වන යෝජනාව බවද ඔහු කියා සිටී.

සිවිල් සමාජයේ පිළිගත් පුද්ගලයකු නව සභාපති ලෙස පත් කිරීමට තවත් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවද ලේකම්වරයා සඳහන් කරයි.

ඒ පිළිබඳව සාකච්ජා වට කිහිපයක් පසුගිය කාලසීමාවේ පැවැති බවද ඔහු හෙළිකර තිබේ.

කඩිනමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂවලට සම්බන්ධ වු සෙසු පිරිසද පක්ෂයේ මෙතෙක් දරමින් සිටි සියලු තනතුරුවලින් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයි පැවසේ.

එහි පළමු පියවර ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂවලින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ පිරිස සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා තීරණය කර තිබිණි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka