gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්නා! දැනුත් ආණ්ඩුව ඡන්දෙ නොතියා කකුලෙන් අදිනවා නම් අපිත් සටනට ලෑස්තියි! ජී.එල්. ඊළඟ සටන ගැන තොරතුරු හෙළි කරයි! (VIDEO)

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දුන් ඓතිහාසික නඩු තීන්දුව අනුව කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග දැනටමත් තීන්දු කර ඇති බව නිදහස ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා කීය.

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රණාමය පුද කරන බවත්, මේ හේතුවෙන් අකැමැත්තෙන් හෝ ආණ්ඩුවට මැතිවරණයකට මුහුණ දෙන්න සිදුවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිෂන් සභාව ඉක්මනින් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශ කළ යුතු බවත්, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු හෙට දින මැතිවරණ කොමිසම හමුවෙන බවත් ඒ මහතා කියා සිටියේය.

පොලිස්පතිවරයා, මුද්‍රණාලාධිපතිවරිය යන දෙදෙනාගේ ක්‍රියාකලාපය දැන් අවසන් බවත්, මැතිවරණ පැවැත්වීමට සහාය ලබාදිය යුතු බවත් කී ඒ මහතා වර්තමාන මැතිවරණ කොමිසන් සභාව විසුරුවා නැවත කොමිසන් සභාවක් පත් කිරීම පත්කිරීමට දැඩි ව විරුද්ධ වන බවත් සදහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka