gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තැපැල් ඡන්ද පත්‍රිකා දවස් 5න් දෙන්නම්! අනෙක් ඡන්ද පත්‍රිකා දවස් 25කින් දෙන්නම්! මුද්‍රණාලයාධිපතිනිය සහතික වෙයි! මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරයි!

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව  තැපැල් ඡන්ද පත්‍රිකා දින 5ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පවසන්නේ,  මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දුන් බවයි.

එමෙන්ම මුද්‍රණාලයාධිපතිනිය කරන ලද ඉල්ලීම අනුව පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය  නිලධාරීන් සංඛ්‍යාව සහ අවශ්‍ය දින පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙස හා ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබාදිය හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) විසින් දන්වා ඇති බව ද කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමට අදාළ ඉන්ධන ලබා දීමේ තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට ද එකතාව පළ කර තිබේ.

එමෙන්ම ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් ගේ මූලික වැටුප පමණක් ඡන්දය ප්‍රමාද වන කාලය තුළ ගෙවීමට සුදුසු බව ද මැතිවරණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka