gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

IMF ණය ජය සමරා රතිඤ්ඤා දල්වති!

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ස්ථිර ණය පහසුකම් යටතේ ශ්‍රි ලංකාවට  අනුමත පළමු ණය වාරිකය ලබාදිමට සතුට පල කරමින් හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් (21) දින රතිඤ්ඤා දල්වමින් සතුට පල කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

රතිඤ්ඤා දල්වමින් සතුට පල කල හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් එම ණය මුදල ලබා ගැනිමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල කැපවිමක් කල බවත්, එම කැපවිම මත ඉදිරි මාස කිහිපය තුල රටේ ජනතාවගේ ඉහල ගිය ජිවන වියදම අඩු කිරිමට ජනාධිපතිවරයා ඇතුළු රජය  කටයුතු කරන බවයි.

එක්සත් ජාතික පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් සතුට පල කිරිම සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන් සහ ජනතාව කියා සිටියේ ණය මුදල ලැබිම සතුට කරුණක් වුවත්,ණයක් ලබාගෙන රතිඤ්ඤා දල්වමින් සතුටු වන එකම ජනතාව සිටින රට ශ්‍රි ලංකාව බවයි.

– රංජිත් රාජපක්ෂ


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka