gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති ටිරාන්ව කැඳවීම පිළිබඳ මානව හිමිකම් කොමිසමේ බෙදීමක් ! ටිරාන් මානව හිමිකම් කොමිසමට නොගියොත් කුමක් වෙයිද ?

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකරන පුද්ගලයින්ට එරෙහිව
ශ්‍රේෂ්ඨාධිකරණය හෝ වෙනත් ආයතනයක් හමුවේ ක්‍රියා කිරීමට හැකියාව නොමැති බව මානව හිමිකම් ක්‍රියාකාරී ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලබන 13වනදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මේ බව කියා සිටියේය.



මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මෙසේ සඳහන් කළේය.



මාර්තු 7 සහ 8 යන දිනවල කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාල ආසන්නයේ පැවති විරෝධතා පාලනය කළ ආකාරය පිලිබඳ විමර්ශනය සඳහා එලෙඹන 13 වන සඳුදා දින මහජන අමාත්‍යවරයාට කැඳවීමක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (09) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

කෙසේ වෙතත් සෙසු සාමාජිකයන්ගේ එකඟතාවකින් තොරව එහි සභාපතිනිය විසින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

විරෝධතා විසුරුවා හැරීමේ සිදුවීම්වලට අදාළව මානව හිමිකම් කොමිසම මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා කැඳවීමට තීරණයක් ගෙන නැතැයි එම කොමිසමේ සාමාජිකයන් පස්දෙනාගෙන් සිවු දෙනෙක් ම පවසති.

මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා කැඳවීමට මානව හිමිකම් කොමිසම තීන්දුවක් ගෙන ඇති බවට පළ වන්නේ වැරදි පුවතක් යැයි ද කොමිසමේ සාමාජිකයන් සිවු දෙනෙකුගේ ම දැනුවත්භාවයකින් තොරව නිවේදනයක් පළ කළේ, කෙසේ දැයි මාධ්‍ය නිලධාරියාගෙන් විමසන්නේ යැයි ද කොමිසමේ සාමාජිකයෙකු වන ආචාර්ය විජිත නානායක්කාර පවසයි.

කොමිෂන් සභාව පෙබරවාරි 28 වන දායින් පසුව මේ වනතෙක් රැස් වී නැතැයි පවසන හෙතෙම, මෙවැනි තීන්දුවක් ගැන සෙසු කොමසාරිස්වරුන් දැනුවත් වූයේ ද ජනමාධ්‍ය මගින් යැයි අවධාරණය කර සිටියි.

මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරන්නේ නම් ඒ ගැන සභාවේ කොමසාරිස්වරුන් පස්දෙනා ම දැනුවත් විය යුතු නමුත් මේ ගැන සභාපතිනිය හැර කිසිවෙකුත් දැනුවත් නැතැයි එහි කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි චෝදනා කරයි.  තමන් දින කීපයක් තිස්සේ තායිලන්තයේ වැඩ සිටින්නේ යැයි ද මහජන ආරක්ෂක ඇමතිවරයා කොමිසමට කැඳවීමක් ගැන තමන්වහන්සේ දැනුවත් නැතැයි ද එහි කොමසාරිස් කළුපහනේ පියනන්ද හිමියෝ පවසති.  තමා සති දෙකක් තිස්සේ නිවාඩු දමා සිටින්නේ යැයි ද මේ ගැන කිසිදු කරුණක් නොදන්නේ යැයි ද එහි කොමසාරිස්වරියක වන අනුසුයා ෂන්මුගනාදන් කියා සිටියි.

''එහෙම තීන්දුවක් ගත්තෙත් නැහැ ''


එහිදී මේ ගැන විස්තර කරන එහි කොමසාරිස් ආචාර්ය විජිත නානායක්කාර 'මව්බිම' පුවත්පතට මෙසේ පවසා ඇත.

“මහජන ආරක්‍ෂක ඇමැතිතුමා කොමිෂන් සභාවට කැඳවා ඇති බවක් ඇත්තට ම කොමිෂන් සභාවේ අපි නම් දන්නේ නැහැ. ඒක ගැන කොමිෂන් සභාව හැටියට එහෙම තීන්දුවක් ගත්තෙත් නැහැ.”

“කොමිෂන් සභාවේ සාමාජිකයන් පස්දෙනෙක් ඉන්නවා. මම දන්න විධියට ඒකෙන් හතර දෙනෙක් දන්නේ නැහැ.”

“කොමිෂන් සභාව අවසන් වරට රැස්වුණේ පෙබරවාරි 28 වන දා. ඉන් පස්සේ රැස්වෙලත් නෑ. මේ පිළිබඳව කිසි ම තීරණයක් අපි ගත්තෙ නැහැ. අපි දැනගත්තෙත් මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කළාට පස්සේ. ඒක කොහොම වුණා ද? කවුද මේක දැම්මේ කියලා කොමිෂන් සභාව හැටියට අපි දන්නෙ නැහැ.”

“එහෙම ඉදිරිපත් කිරීම මුළුමනින් ම දෝෂ සහිතයි. ඒක වැරැද්දක්. ඒ ගැන අපි තීන්දුවක් ගත්තෙ නැහැ. මම දන්න විධියට කොමිෂන් සභාවේ සභාපතිතුමිය හැරෙන්න අනෙක් සාමාජික සාමාජිකාවන් හතර දෙනෙක් ඉන්නවා. ‍ෙදාස්තර නිමල් කරුණාසිරි, අනුසුයා ෂන්මුගනාදන්, කළුපහනේ පියනන්ද හිමි. උන්වහන්සේ දැනට තායිලන්තයේ ඉන්නෙ. අපි හතර දෙනා ම මේ ගැන දන්නෙ නෑ.”

“මෙතැන ගිහින් තියෙන්නෙ සම්පූර්ණ වැරදි මතවාදයක්, කොමිෂන් සභාවේ තීන්දුවක් තියෙන එක. කොමිෂන් සභාවේ මාධ්‍ය නිලධාරියෙක් ඉන්නවා. එයාගෙන් අහන්න ඕනෑ තීන්දුවක් නැතිව කොහොම ද ඒක දැම්මෙ කියල.”

වෛද්‍ය නිමල් කරුණාසිරි:

“අපි දන්නෙ නෑ ඇත්තට ම. කොමිෂන් එක එහෙම තීන්දුවක් අරගෙන නෑ. ඇමතිවරයා ගෙන්වන එක හරි ද? වැරැදි ද? කියන එක නෙවෙයි මම කියන්නෙ. එහෙම තීන්දුවක් අපි අරන් නෑ.”

“අපි නම් නිවේදනයක් නිකුත් කළේ නෑ. කොමිෂන් එක හැටියට නිවේදනයක් නිකුත් කරනව නම් කොමිසමේ ඉන්න කොමසාරිස්වරුන් පස්දෙනා ම දැනගන්න ඕනෑ. විජිතත් කතා කළා. විජිත දන්නෙ නෑ. අපි දන්නෙ නැතුව එහෙම කරන්න බෑ. අපි පක්‍ෂ වුණත්, විරුද්ධ වුණත් අපි දැනගන්න එපායැ.”

“මේකට අස්සන් කරපු කෙනෙක් ඇතිනේ. එයාගෙන් තමයි අහන්න ඕනෑ මේකට කවුද අස්සන් කළේ කියලා. අපි දන්නෙ නැතිව අපේ නම් පාවිච්චි කරල එහෙම නිවේදන දාන්න බැහැ.”

“චෙයාර් පර්සන් එහෙම නිවේදනයක් දැම්මත් එයාට තනියම තීරණ ගන්න විධායක බලයක් නෑ. කොමිසමේ කිසිම සාමාජිකයෙකුට විධායක බලයක් නෑ. අපි කවුරුත් එකතු වෙලයි තීරණයක් ගන්න ඕන.”

කළුපහනේ පියනන්ද හිමි:

“මම නම් ඒ ගැන දන්නෙ නැහැ. මම ඉන්නේ ලංකාවේ නොවේ. එහෙම දෙයක් ගැන අපි සාකච්ඡා කළෙත් නෑ. මට එහෙම කතා කරලා කිව්වෙත් නැහැ කවුරුවත්. එහෙම තීන්දුවක් ගත්තා කියලවත්.

අනුසුයා ෂන්මුගනාදන්:

“මම වැඩට ගියේ නෑ. මම නිවාඩු. මම මේ ගැන මුකුත් දන්නෙ නෑ. මම සති දෙකක් තිස්සේ නිවාඩු දාලා ගෙදර හිටියේ. මෙඩිකල් ලීව් දාලා සුමාන දෙකක් ම මම ගෙදර හිටියේ.”



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka