කිසිදු චෝදනාවක් තියෙන්න බෑ! ගෞරවනීය අයෙක් විය යුතුයි! ඊළඟ පොලිස්පතිවරයා ගැන නීතීඥ සංගමයෙන් ජනාධිපතිවරයාට අතිවිශේෂ ලිපියක්!
ඊළඟ පොලිස්පතිවරයා පත් කිරීමේදී මානව හිමිකම් කඩ කිරීම්, වධ හිංසා පැමිණවීම් සහ අනීතික ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවකට ලක් නොවූ හෝ එවැනි කටයුතු සම්බන්ධයෙන් විත්තිකරුවකු නොවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.
වර්තමාන පොලිස්පති සී.බී වික්‍රමරත්න මහතා, නව විශ්‍රාමික චක්‍රලේඛයට අනුව මේ මස අගදී විශ්‍රාම යෑමට නියමිතව තිබෙන අතර නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නීතිඥ සංගමය මෙලෙස ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.
එයින් නීතිඥ සංගමය තවදුරටත් සඳහන් කර සිටින්නේ මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය, එහි නිළධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා මහජන විශ්වාසය බිඳී අපකීර්තියට ලක්ව ඇති බවයි. එම තත්ත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය මුදාගෙන යළි මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා කිසිදු බරපතල චෝදනාවකට ලක් නොවූ නිළධාරියෙකු පත් කිරීම අත්‍යාවශ්‍ය බවත් බිඳ වැටුණු කීර්තිය හා විශ්වාසය යළි ගොඩනැඟිය හැක්කේ එවැනි නිළධාරියෙකුට පමණක් බවත් නීතිඥ සංගමය අවධාරණය කර සිටියි.
නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බව සඳහන් වේ.
කිසිදු චෝදනාවක් තියෙන්න බෑ! ගෞරවනීය අයෙක් විය යුතුයි! ඊළඟ පොලිස්පතිවරයා ගැන නීතීඥ සංගමයෙන් ජනාධිපතිවරයාට අතිවිශේෂ ලිපියක්!
2023-03-18T19:42:00+05:30
Gossip Lanka Hot News








