gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තොණ්ඩමන්ගේ ඇමතිකම පසුපස දිගම්බරම් හා මනෝ..

දමිල ප්‍රගතිශිලි සන්ධානය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය එකට එකතු වි කටයුතු කිරිම නිසා වතුකරයේ ජනතාවගේ ගැටළු නොවිසදෙන බව මලයග අරසිය අරංගම් පක්ෂයේ කැදවුම්කරු සහ පා.ම මයිල්වාගනම් තිලකරාජ් මහතා පැවසිය.
මයිල්වාගනම් තිලකාරාජ් මහතා හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මයිල්වාගනම් තිලකරාජ් මහතා කියා සිටියේ දමිල ප්‍රගතිශිලි සන්ධානය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය කාලයක් තිස්සේ එකිනෙකාගේ දේශපලනය සම්බන්ධයෙන් විවේචනය කරමින් දේශපාලන කටයුතු වල නියැලුණු බවත්, මේ වන විට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා දරන අමාත්‍ය ධුරය පිටුපස සිටිමින් මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් යන මන්ත්‍රිවරුන් ජිවන් තොණ්ඩමන් මහතාට උපදෙස් ලබාදෙන බවයි.

විපක්ෂ නායකවරයා අඩු අදායම්ලාභි පාසල් වලට බස් රථ ලබාදිම සම්බන්ධයෙන් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කල බවත්, සජිත් ප්‍රේමදාස මහතාට බස් රථ ලබාදිමට මුදල් ලැබෙන්නේ කෙසේද යන්න මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම්ගෙන් කරුණු විමසා ජිවන් තොණ්ඩමන් මහතාට දැනගත හැකි බවයි මයිල්වාගනම් තිලකාරාජ් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka