gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං ට්‍රැක්ටරේ ගත්තෙ මේ පට්ට පල් හොරුන්ගේ කුණු ටික පටවලා උසාවියට ගෙනියන්න - සීලරතන හිමි (VIDEO)

ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පැවැති දේශපාලන රැස්වීමකදී මෙසේ පැවසූහ. "තමන්ගේ සාක්කුව පිරෙනවනම් එතන තමයි දේශපාලනය. එකම කෙනෙක්වත් හම්බන්තොට දිස්ත්‍රිකයෙ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳුවාද? අන්තිමට වැඩ බැරි ටාසන් කෙනෙක් තමුන්නාන්සේලාගේ වටින ඡන්දයෙන් බලයට පත් වෙනවා. රැකියා අර්බුදය, මේ සියල්ලම මේ වැඩ බැරි ටාසන් කලා. වැඩ බැරි ටාසන් එලවන්න අරගලේ කණ්ඩායමක් හැදුවා. මැර කණ්ඩායම වගේ ඉන්න දෙශපාලන පක්ෂ ඕකට රිංගුවා.

මේ සිස්ටම් චේන්ජ් එකේදී ජනතාවගේ ඔළුගෙඩි මාරු වුනේ නෑ. රජය මාරු වුනේ නෑ. රනිල් වික්‍රමසිංහ බලයට පත්වුනාම මොකද කලේ, අරගලකාරයොන්ට පන්නා පන්නා ගැහුවා. ගෝඨාභය රාජපක්ෂට ඒ වගේ තනි තීරණ ගන්න බැරි වුණේ ඇයි? සල්ලි වලට. ගෝඨාභය රාජපක්ෂට කොන්දක් පණ තිබ්බනම් රනිල් වික්‍රමසිංහ කරපු දේ කරනවා. රනිල්ට තියෙන කොන්ද ගෝඨාභයට නැති වුණා.
 
මිනිස්සු මරලා හරි දේශපාලන බලය ගන්න ඕනේ කියන අධිෂ්ඨානය සියළු දේශපාලන පක්ෂවල තියෙනවා. මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ විපක්ෂ නායකවරයා හිටියා ඒ කාලෙ තුළ මේ පළාතේ ගෙවල් දොරවල් දුන්නා. අලි කැලේ දුන්නේ. දැන් ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. වතුර නෑ. අද විපක්ෂ නායකතුමා කියනවා මට බලය දෙන්න කියලා. එතුමා බලයේ හිටියා කාලයක්. ජනතා විමුක්ති පෙරමුණ බලයෙ හිටියා කාලයක් චන්ද්‍රිකත් එක්ක හවුල් වෙලා. උන්ට අර ඇන්ජීඕ කාරයගේ පුළුවාන් තරම් උන්ගේ එකෙන් තමයි මුන් නටන්නේ. රෑට ගිහිල්ලා බුරියානි කන්නේ නිකම් නෙමෙයි. ඔය හැමදේනාම ඩීල් දේශපලනේ මිසක් ජනතාව ගැන හිතන දේශපාලකයෝ නෑ.  

ඇයි පාර්ලිමේන්තුවේ හඬක් නගන්නෙ නැත්තේ. ඒ ගොල්ලොම කියන්නේ පළාත් පාලන මැතිවරණය කල් යනවනම් හොදයි කියන එක. මේ මැතිවරණයට ලබා ගත්ත මුදල් ඒ ඒ දේශපාලන පක්ෂවලට ලබාදීලා නැවත වරක් සුදුසු දිනයකට පළාත් සභා මැතිවරණය තියන්න.

මුන් බලයට ගියාට පස්සෙ මුන් අල්ලන්නත් බෑ. මුන් ළගට යන්න බෑ. මේ උද්ඝෝෂණ වලට ගෙනිහිල්ල මරලා දානවා. ඇයි මං මේ ට්‍රැක්ටරේ හොයාගත්තෙ. මේ පට්ට පල් හොරුන්ගේ කුණු ටික මේ ට්‍රැක්ටරේ දාගෙන උසාවියට රැගෙන ගිහිල්ලා නීතියෙන් දඩුවම් කරන්න."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka