gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ මාමාගෙම බෑණාද? – විමල්ගෙන් රනිල්ට තද ප්‍රකාශයක්!

“ජයවර්ධන තමන්ගේ මාමා. මේ බෑණා හොයන්න ඕනේ මොකද අර රැහැන් පොටවල් ටිකක් හරි මේකේ ගැට ගහලා තිබ්බේ කියලා. ඒ රැහැන් පොටවල් ටික තිබ්බ නිසා තමයි පළාත් සභා ක්‍රමය මුළුමනින්ම ක්‍රියාත්මක නොවිච්ච හින්දා තමයි පූර්ණ බලතල නොලැබිච්ච හින්දා තමයි පළාත් පොලිස් කොමිසම හැදුවේ නැති හින්දා තමයි මේක රැහැන් පට වලින් රැකුණේ. ඒ නිසා රැහැන් පට කපනවා නම් අඩුගානේ මාමා නොකරපු දේ බෑණා කරන්න යනවා නම් ඒ බෑණා මාමගේ බෑණෙක්ද වෙන බෑණෙක්ද කියලා හොයන්න ඕනා” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ අද (10) දින පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.

දහ තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සියළු උත්සාහයන් දරමින් සිටින බව ද ඒ මහතා සඳහන් කළා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, එවැනි වටපිටාවකදී රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සෑම දේශපාලන පක්ෂයකටම හා පුද්ගලයෙකුටම බල කර ඇති නමුත් එසේ නොකර බොහෝ අය කට්ටිවාදීව හැසිරෙමින් සිටිනා බවයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka