තමන් සිදුකරන ප්‍රකාශයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම තරුණ පිරිස් අපහාස කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
තමන්ගේ ප්‍රකාශයන් සමාජ ජාල වලට එක් කළ විට තම මව පියා මතක් කර ප‍්‍රතිචාර දක්වන මෙම ඇතැම් තරුණ කොටස් තිත්ත කුණුහරුපෙන් බැන වදින බව ද සඳහන් කරයි.
එම ප‍්‍රතිචාර ඉවත් නොකරන ලෙසත්, ඒවාට ප‍්‍රතිචාර නොදක්වන ලෙසත් තමන්ගේ සමාජ ජාල ක්‍රියාකරුවන් ට දැනුම බව මන්ත්‍රීවරයා පැවසීය.
එසේ අසභ්‍ය වචනයෙන් ප්‍රතිචාර දක්වන බොහෝ තරුණ දරුවන් මව හෝ පියා නොමැතිව නැතිනම් දෙදෙනාම නොමැතිව හැදී වැඩෙන මව් පිය සෙනෙහස අහිමි වූ දරුවන් බව ද ඔවුනට අනුකම්පා කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.