නිරිතදිග තුර්කියේ සහ උතුරු සිරියාවේ පසුගිය සඳුදා ඇති වූ භූමිකම්පාවලින් සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබේ.
අතර, කඩාවැටුණු ගොඩනැගිලි දහස් ගණනක සුන්බුන් පිරික්සීමට කාර්ය මණ්ඩලය කටයුතු කරන විට එම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තුර්කියේ ආපදා ඒජන්සිය ඊයේ (09) රාත්‍රියේ නිල වශයෙන් තහවුරු කළ මරණ සංඛ්‍යාව 17,406 දක්වා ඉහළ ගොස් තිබේ. සිරියාවේ අහිමි වූ ජීවිත සංඛ්‍යාව 3,317 කි.
ගලවා ගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් ඇත. දරුණුතම බලපෑමට ලක් වූ තුර්කි නගරවලින් දිවි ගලවා ගත් දස දහස් ගණනක් ඉවත් කර ඇත. මේ අතර, සිරියාවේ නගරවල සිවිල් වැසියෝ භූමිකම්පාවෙන් මියගිය ඔවුන්ගේ මළවුන් භූමදාන කිරීමට උදව් කර තිබුණහ.
මේ ස්වභාවික ව්‍යසනය හමුවේ බරපතල පීඩාවට පත් වී සිටින සිරියාවට එක්සත් ජාතීන් විසින් අධාර සැපයීමේ වැඩපිළිවෙළ මේ වනවිට දැඩි විවේචනයට ලක් වෙමින් ඇත. මානුෂීය ආධාර මත ජීවත්වන ලක්ෂ 41ක් පමණ වූ වයඹදිග සිරියාවේ අසරණ වූ මිනිස්සුන්ට දින තුනකට පසු පළමු ආධාර ට්‍රක් රථ හයේ බෙදා හැරීම සිදු වී ඇත්තේ ඊයේ දිනයේ ය. භූමි කම්පාවෙන් අනතුරුව සැපයුම් මාර්ග අවහිර වීම නිසා සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගෙන් ලැබෙන මානුෂීය ආධාර ද ප්‍රමාද වී තිබේ.
මේ වනවට ලෝකයේ ප්‍රධානම මානුෂීය ආධාර ඒජන්සිය තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වී ඇත.
