gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හොරකම නැති කරනවා කියලා දේශපාලකයො කොච්චර කිව්වත් වැඩක් වෙලා නෑ! 2021ට වඩා 2022දි ලංකාවේ දූෂණය ඉහළ ‌ගොස් ඇති බව ලෝකෙටම කියපු අලුත්ම වාර්තාව මෙන්න

2021 වසරට වඩා 2022 වසරේ ශ්‍රී ලංකාවේ දූෂණය ඉහළ ගොස් ඇතැයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ. රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කරගනිමින් ඔවුන් නිකුත් කළ දූෂණ සංජානන දර්ශකය අනුව රටවල් 180 ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 101 වන ස්ථානයේයි.
ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළු බාහිර මූලාශ්‍ර 13 කින් ලබා ගත් දත්ත අනුසාරයෙන් දූෂණ සංජානන දර්ශකය ගණනය කිරීම් සිදු කරයි.

මීට අමතරව විශේෂඥ අදහස් සහ ව්‍යාපාර ප්‍රජාවගෙන් ලබාගත් සමීක්ෂණ දත්ත ද මෙම ගණනය කිරීම්වලට යොදා ගන්නා අතර දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 බෙහෙවින් දූෂිත අගය වන අතර 100 ඉතා පිරිසිදු අගයයි.

මෙම අගයන් දෙක අතර රටවල් ශ්‍රේණිගත කිරීම සිදුවේ.

2022 වසරේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති දූෂණ සංජානන දර්ශක අගය 36 කි.

එය 2021 වසරට වටා ඒකක එකක අඩුවීමකි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පෙන්වා දෙන්නේ ඉතිහාසයේ වාර්තා කළ  තිබූ අවම අගය වන 36 පසුගිය 2022 වර්ෂයේදී වාර්තා ක‍ර තිබීම කනගාටුදායක තත්ත්වයක් බවයි.

දූෂණයට එරෙහිව රාජ්‍යයන් කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇති නමුත් ඒ සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ අවම රටවල් ප්‍රමාණයක් බව ද ඔවුහු පෙන්වා දෙති..

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසන්නේ, රටේ ආර්ථිකයට සහ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය මත අහිතකර ලෙස බලපා ඇති දූෂිත චෞර තන්ත්‍රය සහ පවත්නා ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග නොගැනීමත් සමග සිවිල් සමාජය මර්දනය කිරීම තුළින් දූෂණය මැඩලීමට දේශපාලන කැමැත්තක් නොමැති බව පිළිඹිබු වීම යන හේතු මත ශ්‍රී ලංකාව ද මෙම ගණයට අයත් වන බවයි.

පසුගිය වසරේ රට පුරා ව්‍යප්තවූ ජන අරගලයක නිරත වූ ශ්‍රී ලාංකිකයන්, දූෂණය සහ දුර්වල ආණ්ඩුකරණය මගින් රටේ ආර්ථිකය සහ ඔවුන්ගේ එදිනෙදා ජීවිතය කෙරෙහි ඇති කරන දැඩි බලපෑම තේරුම් ගනිමින් සිටින බව ද ඔවුන් නිකුත් කළ දූෂණ සංජානන දර්ශක වාර්තාවේ සඳහන් ය.

ජාතියේ බංකොළොත්භාවයට වගකිව යුතු අයට එරෙහිව විරෝධය දක්වමින්, දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි ආකාරය රජය සිහි තබාගත යුතු බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය අවධාරණය කරයි.

කඩා වැටී ඇති ආර්ථිකය යළි පණ ගැන්වීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතා ඇති අතර ඒ සඳහා මූල්‍ය විනිවිදභාවය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ශක්තිමත් දූෂණ විරෝධී නීතිමය රාමුව වැඩිදියුණු කිරීම තුළින් දූෂණ අවදානම් අවම කිරීමේ අවශ්‍යතාව ද ඇති බව ඔවුන්ගේ අදහසයි.

2022 දූෂණ සංජානන දර්ශකය අනුව ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය දර්ශකයෙහි ඉහළින්ම සිටින අතර දූෂිත රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ දකුණු සුඩානය, සිරියාව සහ සෝමාලියාවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka