gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලංකාවට ණය ගෙවන්න අවසන් අවස්ථාව දුන් බව බංග්ලාදේශය කියයි

බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල ආපසු ගෙවීමට සැප්තැම්බර් මාසය දක්වා කල් ලබාදුන් බව බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල් මොමෙන් මහතා ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එරට මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී පවසා ඇත.

එම ණය මුදල ගෙවීම සඳහා ලබා දිය හැකි අවසන් කාල සීමාව මෙය බවද ඔහු සඳහන් කර තිබේ.

 අසීරු කාලයක් ගෙවමින් සිටියදී බංගලාදේශය ලබා දුන් සහාය පිළිබඳව ශ්‍රී ලංකාව ස්තුතිවන්ත වූ බවද එහිදී ඔහු සඳහන් කර ඇත.

විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ 2021 වසරේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා දුන් අතර එය ගෙවීම සඳහා බංගලාදේශය අමතර මාස 6 ක කාලසීමාවක් ලබා දෙන ලදි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් තවත් ණය කාල සීමාව දීර්ඝ කිරීමක් ඉල්ලා ඇති අතර ඒ අනුව සැප්තැම්බර් මාසය දක්වා කල් ලබා දීමට බංගලාදේශ රජය තීරණය කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka