gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මැතිවරණයට සල්ලි දුන්නොත් රජයේ සේවක වැටුප්, විශ‍්‍රාම වැටුප් ප‍්‍රමාද වෙනවා - මුදල් රාජ්‍ය ඇමති

මේ මොහොතේ අත්‍යවශ්‍ය වියදම් වලට මුදල් කළමනාකරණය සිදු කරන්නේ ඉතා අසීරුවෙන් අපහසුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

එම අත්‍යවශ්‍යම කටයුතු හැරුණු කොට වෙනත් කිසිම පරිබාහිර කටයුත්තක් සඳහා මුදල් වියදම් කිරීමේ හැකියාවක් මේ වන විට මහා භාණ්ඩාගාරයට නැති බවද ඔහු කියා සිටී.

ඒ තත්ත්වය මත මැතිවරණය හෝ වෙනත් වියදමක් සඳහා මුදල් වැය කළ හොත් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි ඇතුළු සහනාධාර දීමනා ද ප්‍රමාද කිරීමට සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

අද වන විට රටට ලැබෙන ආදායමට වඩා දෙගුණයක් වැය බරක් මහා භාණ්ඩාගාරයට දරන්නට වී ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka