gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හොරු හොරු කියලා කෑ ගහන ඔක්කොම හොරු! අපි අලුත්ම ක්‍රමේකට හොරු අල්ලනවා! පොහොට්ටු මහලේකම් සාගරගෙ අලුත්ම එක!

මේ රටේ නිදහසින් පසු හිටපු සියලු රාජ්‍ය නායකයින්ගේ සියලු දේපොළ පරීක්ෂා කළ හැකි, දේශීය හා විදේශීය කිසියම් දේපොළක් තිබේනම් ඒවා අත්පත් කරගත හැකි ඔවුන්ට දඩුවම් පැමණිය හැකි විශේෂ නීති සම්පාදනය කරන්නයි පොහොට්ටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ඒ සඳහා තමන් ජනාධිපතිවරයාට බලකර සිටින බව ඔහු පවසනවා. එවැනි දූෂණ විරෝධී නීති ගෙන ඒම සම්බන්ධයෙන් සම්පූර්ණ මූලිකත්වය ගෙන කටයුතු කරන පක්ෂයක් බවට තම පක්ෂය මෙතැන් සිට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පසුගිය දා පැවසුවේ.

“මේ රටේ පැවැති තිස්වසරක යුද්ධය නිමාකර මේ රටට නිදහස උදාකර රට දිනෙන් දින සංවර්ධනය කරපු රාජපක්ෂවරුන්ට විරුද්ධව වෙන කියන්න දෙයක් නොතිබූ නිසා මේ අය රාජපක්ෂවරු පරද්දවන්න 2015 දී ප්‍රධාන සටන්පාඨය ලෙස ගෙනාවේ රාජපක්ෂලා හොරකම් කළා කියන චෝදනාව. රටේ ජනතාවත් යම් ප්‍රමාණයක් මෙය විශ්වාස කරුවා. ඒ නිසා හොරකම් අල්ලන්න 2015 අනෙක් පැත්තට ඡන්දය දුන්නා. රාජපක්ෂවරු පරාජය කළා. ඒ ආපු රජය විවිධ නීතිඥ කණ්ඩායම් පිටරටවල පවා යවමින් ස්කොඩ්ලන්ඩ් යාර්ඩ්, CIA කියන ආයතන දෙකේම සහාය ලබාගත්තා. මේ රටේ පමණක් නොවෙයි ලෝකය පුරා විවිධාකාරයේ සෙවුම් බැලුම් කළා. ලංකාවේ සියලු ගිණුම් පරීක්ෂා කරළ බැලුවා. නමුත් අවසානයේ ඔප්පු වුණේ රාජපක්ෂලා කිසිම හොරකමක් කර නෑ කියන එක. අවසානයේ දී අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු දැම්මා. ඒ දාපු නඩුවල චෝදනා වුණේ පළාත් පාලන ආයතනවලට ගැල්වනයිස් බට දුන්නා, සමෘද්ධි ජනතාවට ලිතක් බෙදුවා, සමෘද්ධිලාභීන්ට ඔවුන්ගේ මුදලින් නිවාසවල තීන්ත ගා ගැනීමට රුපියල් 15,000ක මුදලක් දුන්නා කියලා විතරයි. මේ වගේ සිල්ලර කාරණා කියලයි නඩු දැම්මේ. මේ සියලු නඩු වලින් එතුමා නිදොස් කොට නිදහස් වුණා. මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා පිට චෝදනා එල්ල කළා, හැබැයි චෝදනා ඔප්පු කරන්න තියා චෝදනාවක් ගේන්නවත් බැරිවුණා.

රට සංවර්ධනය කළ, රටට වැඩකළ නායකයින්ට හොරා කියලා ලේබලයක් අලවනවා. මේ ලේබලය ගේන්නේ ඇත්තටම හොරකම් කරපු අය. නැතිනම් මේ රටේ දේපල විනාශ කළ අය. බස් ගිනිතියපු, විදුලි ට්‍රාන්ස්පෝමර් පුපුරවපු අය. නැතිනම් හොරකම් කරපු අය. මේ අයගේ හෙළුව වසා ගැනීමට රට සංවර්ධනය කරපු නායකයින්ට හොරා කියන ලේබලය අලවනවා. ඒක අපේ රටේ අලුත් දෙයක් නොවෙයි. අනගාරික ධර්මපාලතුමාට පවා හොරා කියලා කිව්වා. එතුමා රට හැර ගියා. එතුමා අපවත්වූ පසු ජාතික වීරයෙක් ලෙස සලකනවා. ලෝකයේ නායකයෝ හිඟයි. අපේ පක්ෂයට, අපිට රට පාලනය කළ හැකි නායකයෝ ඉනවා. ඒක අපට ආඩම්බරයක්.

අපේ නායකයින්ට විරුද්ධව කරලියට ගේන හොරු කියන බොරු චෝදනාව නිසා අපි පක්ෂයක් හැටියට තීරණය කළා මේ රටේ නිදහසින් පසු සිටි සියලු රාජ්‍ය නායකයින්ගේ සියලු දේපල පරීක්ෂා කළ හැකි, දේශීය හා විදේශීය කිසියම් දේපලක් තිබේනම් ඒවා අත්පත් කරගත හැකි, ඔවුන්ට දඩුවම් පැමිණවිය හැකි විශේෂ නීති සම්පාදනය කිරීමක් කරන්න. අපි ජනාධිපතිවරයාට බලකර සිටිනවා ඒක කරන්න කියලා. ඒ සඳහා දූෂණ විරෝධී නීති ගෙනඒමට මූලිකත්වය ගෙන කටයුතු කරන පක්ෂයක් හැටියට අපි අද සිට කටයුතු කරනවා” යි සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka