gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

“දයාසිරි නියම ශ්‍රී ලංකාකාරයෙක් නෙවෙයි” – ශ්‍රීලනිපයේ නියම අයිතිකාරයෝ කරළියට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා නියම ශ්‍රී ලංකාකාරයෙක් නොවන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඇමතිවරයා සදහන් කළේ දයාසිරි ජයසේකර මහතා යනු පක්ෂ තුන හතරකට පැන රිංගා ගොස් කටයුතු කරන ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැති අයකු බවයි.

තවදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේ සඳහන් කර සිටියා,

“දැන් අපිට විනය පරීක්ෂණ තියන්න යනවා. ඒවා අපි ගනන් ගන්නෙ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම අයිතිකරුවෝ අපි. ඔය එහෙට මෙහෙට පැන පැන යන අය නෙවෙයි අපි තමයි මුල ඉඳලම පක්ෂය රැකගෙන පක්ෂය එක්ක හිටියේ. ඉතින් කොහොමද මේ අය අපි අයින් කරන්නේ. අපි තමයි පක්ෂයේ නියම උරුමක්කාරයෝ. අපිව අයින් කරන්න කාටවත් බෑ. එක එක අය එක එක කතා කියනවා. ඉදිරියේ වෙන්නේ මොකක්ද කියලා අපි බලමු. ඉදිරි මැතිවරණය සදහා අපි සූදානමින් ඉන්නේ. පක්ෂය එක්ක තමයි ඒ කටයුතු කරන්නේ. නමුත් මේ අවස්ථාවේ මේ රටේ ජනතාවට මැතිවරණයක් ඕනෑ ද කියන එක ප්‍රශ්නයක්. මැතිවරණය ඉල්ලන්නේ පක්ෂ කීපයක් විතරයි.”


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka