වෘත්තීය සමිති 40ක් නියෝජනය කරමින් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව ජනාධිපතිවරයා සමග අද (25) පැවති සාකච්ඡා අසාර්ථක විම හේතුවෙන් ලබන මාර්තු 1වන දින සිට ක්‍රියාත්මක කිරිම තීරණය කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන් එලෙසම ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව එම වෘත්තීය සමිති එකමුතුව සදහන් කරයි.
රජයේ ආදායමට හානියක් නොවන සේ රජය ගෙන යන අසාධාරණ බදු පනත සංශෝධනය කර බදු අය කර ගැනීම සඳහා අවශ්‍ය යෝජනාවන් ඉදිරිපත් කළ නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම එය පිළිගත්තද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලපෑමක් ඇතිවේය යන්න සිතා එය කළ නොහැකි බව මෙහිදී ප්‍රකාශ විනැයි රජයේ වෛදය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛදය හරිත අලුත්ගේ පැවසුවේය.
වෘත්තිකයින්ගෙන් මාස දෙකක වැටුපෙන් සැලකිය යුතු මුදලක් මේ වන විට රජය බදු වශයෙන් අයකර ගෙන ඇති බවත් මෙය ඉතා අසාධාරණ අයකිරිමක් බවත් ඔහු පෙන්වා දෙයි.
මෙවැනි අසාධාරණ අයකිරිම් දිගින් දිගටම සිදුවීම දරාගත නොහැකි බව සමස්ථ වෘත්තිකයින්ගේ අදහස බව මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ පාර්ශ්වයට දැනුම් දුන් අතර ඔවුන් ඒවා පිළිගත්තද පනත සංශෝධනය කිරිමට එකඟ නොවූ බව වෛද්‍ය අලුත්ගේ පැවසුවේය.
කෙසේ නමුත් රජය ගෙන යන අසාධාරණ බදු පනත සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග තවදුරටත් සාකච්ඡා කිරිමට අවස්ථාව ලබා දුන් බවත් ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡාවට සහභාගී වීමටද ජනාධිපතිවරයා ආරාධනා කළ බවත් හෙතෙම පැවසීය.
ජනාධිපතිවරයාගේ එම ආරාධනාවට වෘත්තිකයින් කිවෙකුත් ධනාත්මක ප්‍රතිචාරයක් ලබා නොදුන් අතර ඒ සම්බන්ධයෙන් පසුව අදහස් ඉදිරිපත් කිරිමට එකඟ වූ බව වෛද්‍ය අලුත්ගේ පැවසිය.