මුදල් ඇමති ජනාධිපතිගෙන් නියෝගයක්! මැතිවරණ කොමිසම එකතැන නවතී!
මුදල් ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද නියෝගයක් හේතුවෙන් මැතිවරණ කොමිසම බරපතළ ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇතැයි එහි නිලධාරියකු උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ නව බදු සංශෝධන මගින් ආදායම් උපයා ගන්නා තෙක් තවදුරටත් රජයේ වියදම් කප්පාදු කළ යුතු බවත් රාජ්‍ය ආයතන සඳහන් ණය පදනම යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම වැලකිය යුතු බවටත් ය.
එම නියෝගය කඩ කරන ඕනෑම නිලධාරියකු එම වියදම තම පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බව ද ජනාධිපතිවරයා පවසා ඇත.
මෙම නියෝගය මැතිවරණ කොමිසමේ අත් පා බැඳ ගැනීමක් යයිද අදාළ නිලධාරියා පුවත්පතට සඳහන් කර තිබේ.
මැතිවරණ කාලයේ දී කොමිසම දරන වියදම් බොහොමයක් සිදු කරන්නේ ඉදිරියේ දී ගෙවීමට ණය පදනම මත බවද ඔහු සඳහන් කර තිබේ.
ආහාර, ප්‍රවාහන හා මැතිවරණ රාජකාරි සඳහා සම්බන්ධ කරගන්නා රජයේ සේවකයන්ගේ දීමනා ද ඉදිරියේ දී ගෙවීමේ පදනම මත සිදු කරන ඒවා බවද ඔහු පෙන්වා දී ඇත.
මුදල් ඇමති ජනාධිපතිගෙන් නියෝගයක්! මැතිවරණ කොමිසම එකතැන නවතී!
2023-02-01T12:59:00+05:30
Lanka Hot News






