gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිසිම බයක් තියාගන්න එපා! ප්‍රභාකරන් මැරුණා! DNA සාක්ෂිත් තියෙනවා! නෙදුමාරන් උදේ කළ කතාවට යුද හමුදාව හවස උත්තර දෙයි!

“දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් අවසන් යුද සමයේ දී මිය ගිය බවට සාක්ෂි අප සතුව තිබෙනවා.” යනුවෙන් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට පළ වූ පුවත සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත්ගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේය.

“2009 වසරේ පැවැති අවසන් යුද්දයේ දී ප්‍රභාකරන් ඝාතනයට ලක් වුණා. ඩී.එන්.ඒ සාක්ෂි අපි ළඟ තියෙනවා. 2009 වසරේ මැයි මාස 18 දින අවසන් යුද්දයේ දී ඔහු ඝාතනයට ලක් වුණා. එදින ප්‍රභාකරන් ඝාතනයට ලක් වුණා කියන ඩී.එන්.ඒ පරීක්ෂණ ඇතුළු සියලු සාක්ෂි අපි ගත්තා. ඔවුන් ලබා දී තියෙන්නේ වැරදි පුවතක්.”

“මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ. මොකද කිව්වොත් ඔහු ඝාතනයට ලක් වුණා කියලා අපි හැමෝම හොඳින් දන්නවා. ඒ ගැන සැකයක් නැහැ..” යනුවෙන් බ්‍රිගේඩියර් රවි හේරත් බීබීසි දෙමළ සේවය වෙත ප්‍රකාශ කළේ ය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka