gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වරාය සංවර්ධනය කරන්න ආණ්ඩුව ඩොලර් මිලියන 132ක් වැය කරන්න සූදානම්! ඇමැති නිමල් සිරිපාල ෂින්හුවා පුවත් සේවයට කියයි

වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා ආණ්ඩුව ‌ඩොලර් මිලියන 132ක් පමණ වැය කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇත.

ෂින්හුවා පුවත් සේවයට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් අමාත්‍යවරයා කියා ඇත්තේ වරාය මෙහෙයුම්වලින් ලැබෙන ආදායම හරහා මෙම ආයෝජන සිදු කෙරෙන බවකි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සඳහා රජය ඩොලර් මිලියන 100 කට වැඩි මුදලක් සහ ජය බහාලුම් පර්යන්තය සඳහා ඩොලර් මිලියන 32 කට වැඩි මුදලක් වෙන් කර ඇති බවයි.

මෙම පර්යන්ත දෙකම රජය සතු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ අනුබද්ධිත ආයතන වේ.

ඉහත ආයෝජනවලට අමතරව තොග භාණ්ඩ ප්‍රවාහනය සඳහා ත්‍රිකුණාමල වරායත්, සංචාරක කර්මාන්තය සඳහා ගාලු වරායත් යාත්‍රා සේවාවක් සමඟින් සංවර්ධනය කිරීමටත් විශාල නැව් නැංගුරම් ලෑමට පහසුකම් සැලසීමටත් අපේක්ෂා කරන බවද සිල්වා මහතා පවසා තිබේ.

කෙසේවෙතත් ආර්ථික අසීරුතා හේතුවෙන් මැතිවරණයට මුදල් වෙන් කළ නොහැකි නොහැකි බව මුදල් අමාත්‍යංශය පසුගිය සතියේදී අධිකරණය වෙත දැනුම් දී තිබිණ.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka