gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මගෙ නෝනගේ යට ඇදුමේ ඉදන් මුන් හොරකම් කළා...මුන්ට දිට්ඨදම්මවේදනීය කර්මය පටිසන් දෙනාවා දෙනවාමයි" - ජවිපෙ ගැන කියමින් නිමල් ලන්සා මැතිසබේ දෙවනත් කරයි (VIDEO)

මැතිවරණය අවසන් වන තෙක් බලය බෙදා හැරීම පිළිබඳ මතය ප්‍රකාශ නොකරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීන්දුවක් ගෙන ඇති බව හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

“මොන කුහකයොද මුන්. මුන්ගෙ මතය කෙළින් කියන්න බෑ.” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළා.

“මට ගහපු උන් එකෙක් බේරිලා නෑ. මට ඔය විනාශය කරපු උන්ට දිට්ඨදම්මවේදනීය කර්මය පටිසන් දෙනාවා දෙනවාමයි. මට ඉන්න තැනක් නෑ.” යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.

වත්මන් විපක්ෂය ළිඳ ලඟ සංගමයේ කයිවාරු ගහන ගෑනු වගේ යැයි ද රට ගොඩ නගන වැඩසටහන ගැන වචනයක් නොකියන විපක්ෂය කයිවාරු ගසමින් රට වටා ඇවිදින බව ද නිමල් ලංසා මහතා පෙන්වා දෙනවා.

ජනාධිපති ඉදිරිපත් කර තියෙන වැඩසටහන වැරදි  නම් හරි වැඩසටහන කුමක්දැයි කියන්නැයි විපක්ෂයට අභියෝග කරන බවද නිමල් ලන්සා මහතා ප්‍රකාශ කළා.

ආර්ථික අර්බුදයට දෙන විසඳුම ගැන,13 වැනි සංශෝධනය හෝ විදේශීය ප්‍රතිපත්ති ගැන කතා නොකළ යුතු බවත් ආණ්ඩුව විවේචනය කළාම ඇති බවත් විපක්ෂය තීන්දුවක් ගෙන තිබෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අමතමින් නිමල් ලන්සා මහතා මේ බව පැවසුවා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka