gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙට රට වැටෙයි… වෘත්තිකයෝ පූර්ව දැනුම්දීමක් කරති!

රජය ගෙන යන  අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දිනයේදී රාජ්‍ය, අර්ධරාජ්‍ය හා පෞද්ගලික අංශයේ සමස්ත වෘත්තිකයන් ගෙන යන විරෝධතාවය සහ වැඩ වර්ජනය හේතුවෙන් රට අඩපණවනු ඇතැයි වෘත්තීය වේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව සඳහන් කරයි.

මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීම සඳහා වෘත්තීය සමිති එකමුතුව සාකච්ඡාවට කීපයක් පැවැත්වුවද ඒ හැම විටකම රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට දමා ඉන් පැන යාමට උත්සහ කළ නමුත් විසදුමක් ලබා දිමට කටයුතු නොකළ බව රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය  චමිල්  විජේසිංහ   පැවසුවේය.

මෙම ගැටලුවට රජය බලාපොරොත්තුවන උත්තරය ලබාදීම  සමස්ත වෘත්තිකයන් එකපෙළට පෙළගැසී තිබෙන බවත් එම උත්තරය හෙට දිනයේදී ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

හෙට දිනයේදි ක්‍රියාත්මක විමට නියමිත විරෝධතාවයට සහ වැඩ වර්ජනයට රජයේ වෛදය නිලධාරීන්ගේ සංගමය මුහුණ දෙන්නේ කෙසේද යන්න පිලිබද මේ වන විටත් මධ්‍යම කාරක සභාව රැස්කර සාකච්ඡා කරමින් සිටින බවද ඔහු සදහන් කළේය.

හෙට දිනයේ වැඩවර්ජනයට  විදුලිය, ජලය, ඛනිජතෙල්, වරාය, තැපැල්, සරසවි  ඇතුලු වෘත්තිය සමිති 100ට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත අතර රජය එයට කන්නොදුණහොත් රට වැසීයාම නතර කළ නොහැකි  වනු ඇතැයි වෘත්තීය සමිති අනතුරු අඟවති.

ශ්‍රියානි විජේසිංහ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka