gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති ඉල්ලීමට හෙට අති උත්කර්ෂවත් ජනරජ පෙරහර නුවර වීදි සංචාරය කරයි… වියදම කෝටි 10කට වැඩියි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයේ විශේෂ ඉල්ලීම මත 75වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කරන ජනරජ පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් හෙට දිනයේ නුවර මහත් වූ මංගල සිරිය මැද වීදි සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙම පෙරහර මංගල්‍යය ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර අවසන් රන්දෝලි පෙරහර සේම පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරහර කමිටුවට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව එම උත්කර්ෂවත් පෙරහර හෙට හවස 6ට දළදා මාළිගා පරිශ්‍රය ඉදිරියෙන් ඇරඹෙනු ඇත. දළදා කරඬුව වෙනුවට ජනරජ ලාංඡනය පෙරහරේ රැගෙන යනු ඇත.

උඩරට පහතරට නර්තන කණ්ඩායම්, හේවිසි, හොරණෑ සිහතව අලි ඇතුන් 60ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්කර්ෂවත් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. මෙම පෙරහර මංගල්‍යය සම්බන්ධව මහා නායක හිමිවරුන්ගේ අදහස ප්‍රකාශ වී නැත.

පෙරහර සංවිධානය සඳහා කෝටි අටකට අධික මූලික වියදමක් ඇස්තමේන්තු කර ඇත. එම මුදල් ප්‍රමාණය  අමාත්‍යාංශ මට්ටමින් සහ පෙරහර භාරයෙන් ලබා ගැනීමට සැලසුම් කර තිබේ. කෙසේ වෙතත් පෙරහර වැය එක් ලේඛණයක ලේඛණ ගත කිරීමට කටයුතු නොකරන බව ද වාර්තා වී තිබේ.

මේ වනවිට රජයේ සියලු මැති ඇමතිවරුන් අමාත්‍යාංශ ලේකම්වරුන් ,   රජයේ වියදමින් රජයේ වාහනවලින්  නුවර වෙත පැමිණෙමින් ඇත. මේ සියලුම මැති ඇමතිවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්  මහවැලි රීච්, ස්විස්, ක්වීන්ස්, ග්‍රෑන්ඩ් කැන්ඩියන් ඇතුළු නුවර තරු හෝටල්වල නවාතැන් සපයා තිබේ. ඔවුන් රාත්‍රී දෙකක්,  දින තුනක් මෙම හෝටල්වල ගත කරනු ඇත.   අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ ඇමතිවරුන්ගේ     රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලයට මෙම දින තුන තුළ  විශේෂ පහසුකම් සලසා තිබේ.

-lankasara


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka