කොළඹ ආරක්ෂාව තර කරයි! අරගලකරුවන් පිරිසක් යළි කරළියේ! සත්‍යග්‍රහයකුත් අරඹයි
75 වැනි නිදහස් දින සැමරුම් හෙට (04) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී ආරම්භ වීමට නියමිතයි.
ඒ වෙනුවෙන් අද (03) කොළඹ ආරක්ෂාව තර කර තිබෙනවා.
ඒ අනුව කොළඹ නෙළුම් පොකුණ අසල ,ඩී ආර් විජේවර්ධන මාවත, කොම්පඤ්ඤ වීදිය, ඕල්කට් මාවත, කෞතුකාගාරය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන අයුරු දක්නට ලැබුණා.
මේ අතර ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් කොළඹදී හෙට පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට අරගලකරුවන් පිරිසක් මේ වනවිට සත්‍යග්‍රහයක නිරතව සිටිනවා.
කොහේ තියෙන නිදහසක්ද? යන තේමාව යටතේ එම පිරිස සත්‍යග්‍රහයේ නිරතව සිටිනවා.
එම පිරිස කොටුව දුම්රිය ස්ථානය අසළ විරෝධයක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේදී එය අත්හිටුවමින් අධිකරණ නියෝගයක් පනවා ඇති බව කොටුව පොලිසියේ නිලධාරීන් නිවේදනය කිරීමත් සමඟ ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව මරදානයට පැමිණ තිබෙනවා.

2023-02-03T18:20:00+05:30
Lanka Hot News