gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තානාපතිවරු-මහකොමසාරිස්වරු 17ක්‌ කොළඹ ඉඳන් නුවර ගිහින් රනිල්ට අක්තපත්‍ර බාරදෙයි! දුර කිලෝමීටර් 123යි! ගමනට පැය 3යි! නුවර පාරවල් වැහෙයි! (VIDEO)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරු 6 දෙනෙකු ඊයේ (02) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරය වෙත ගොස් තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දීමටයි. මෙම සියලු රටවල තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල සහ නිල නිවාස පිහිටා තිබෙන්නේ කොළඹ වුවත් මේ අක්ත පත්‍ර භාර දීමේ උත්සවය සුදානම් කර තිබුණේ කොළඹ සිට කිලෝ මීටර් 123ක් දුරින් පිහිටි මහනුවර ජනාධිපති මන්දිරයේ යි. මෙම අක්ත පත්‍ර භාරදීම සඳහා විදේශීය ධුත මණ්ඩල සාමාජිකයන්ට සහ ආරාධිතයනටත්, අදාළ අමාත්‍යංශවල නිලධාරීන්ටත් මෙම ගමන සඳහා පැය තුනකට ආසන්න කාලයක් ගත වූ බව වාර්තා වෙනවා.

කෝට් දි අයිවරි, උරුගුවේ, මොන්ගෝලියාව, සර්බියාව, සූඩානය, ආමේනියාව, උතුරු මැසඩෝනියාව, ස්ලොවැකියාව, චෙක් ජනරජය, ස්වීඩනය සහ ඉක්වදෝරය සඳහා තානාපතිවරුන් ද ජැමෙයිකාව, ටැන්සානියාව, මලාවි, කැනඩා, මැලේසියාව සහ මාලදිවයින සඳහා මහකොමසාරිස්වරුන් ද මෙම කණ්ඩායමට අයත්ව සිටි බවයි කියන්නේ.

නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පිළිගැනීමට උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka