gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඕනෑම මොහොතක රට වසා දැමීමක්!

නැවත වසංගතයක් පැමිණීම ආර්ථික අවපාතයක් ඇති වීම සහ රට වසා දැමීම ඕනෑම මොහොතක සිදු විය හැකි බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී පැවැති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ හමුවකදීය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ 2021 සහ 2022 වසරවල ආරම්භ කළ ව්‍යාපෘති අවසන් කරන තුරු නව ව්‍යාපෘති ආරම්භ නොකරන ලෙසයි.

විවිද ආණ්ඩු බලයට පත්වූ විට නව සංකල්පයක් බව කියමින් කලින් සිටි ආණ්ඩුවේ සංවර්ධන වැඩ අතරමඟ නතර කරන බවත්, ඉන් පීඩාවට පත් වන්නේ මහජනතාව බව පෙන්වා දුන් ඇමතිවරයා තමන් නව වැඩ ආරම්භ කරන්නේ පැරණි ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසුව බවද අවධාරණය කළේය.

2020 හා 2022 කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ණය හා ආධාර ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කර තිබේ. “ඔබට ගෙයක් – රටට හෙටක්” හා “මිහිඳු නිවහන” එම ව්‍යාපෘති දෙක වේ.

පසුගිය කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිවල දෙවන, තෙවන හා හතරවන වාරික ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබිණි. “ඔබට ගෙයක් – රටට හෙටක්” ව්‍යාපෘතිය යටතේ සෑම ග්‍රාම සේවා වසමකම නිවසක් ඉදි කිරීම සඳහා නිවාස ආධාර ලබා දීමට පියවර ගැනිණ. මේ යටතේ නිවාස 1,885 ක් සඳහා මුල්‍යාධාර පිරිනැමුණ අතර එහි ඉතිරි වාරික ගෙවීම සඳහා මේ වනවිට අධිකාරිය රුපියල් මිලියන 283 ක් වෙන් කර තිබේ. ඊට අමතරව “මිහිදු නිවහන” නිවාස ව්‍යාපෘතියේ නිවාස 58 ක් සඳහා ඉතිරි ප්‍රතිපාදන ලබා දීම සඳහා රුපියල් මිලියන 9ක්ද වෙන් කර තිබේ.

මෙම සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර හා වතුකරයේ ජනතාව නව නිවාස ආධාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද මෙහිදී ඇමතිවරයා උපදෙස් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා සඳහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවක සුරක්ෂිතතාව වෙනුවෙන් රුපියල් මිලියන 300ක තැම්පතුවක් සිදු කර ඇති බවයි. මාසික ආයකර ගැනීම හරහා ලැබෙන මුදලින් රුපියල් මිලියන 50 ක් මෙම තැම්පතුව සඳහා මාසිකව වෙන් කිරීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා කීවේය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වත්මන් සේවක සංඛ්‍යාව 1,800 පමණ වේ. ඔවුන් රැක බලා ගැනීමේ අරමුණින් විෂයභාර ඇමතිවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා මෙහිදී කීවේය. නැවත වසංගතයක් පැමිණීම ආර්ථික අවපාතයක් ඇති වීම සහ රට වසා දැමීම ඕනෑම මොහොතක සිදු විය හැකි බව අවධාරණය කළ සභාපතිවරයා එවැනි අවස්ථාවකදී සේවක පඩි නඩි ගෙවමින් ආයතනය පවත්වාගෙන යාම මෙම තැම්පතුව සිදු කිරීම අරමුණ බවද වැඩිදුරටත් කීවේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් එස් සත්‍යනන්ද, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උප සභාපති ලක්ෂ්මන් ගුණවර්ධන, සාමාන්‍යාධිකාරී කේ. ඒ. ජානක යන මහත්වරුන් සහ දිස්ත්‍රික් කළමනාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

– Media unit


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka