gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහරගම පිළිකා රෝහලට දානපතියන් දුන් බෙහෙත් හොරකම් කර එළියේ 20000කට විකිණූ රෝහලේම ඖෂධවේදියකු රිමාන්ඩ්! ගෙදර චෙක් කරද්දී බෙහෙත් තොගයක් එක්ක ලක්ෂ 4කට වැඩි සල්ලියක් තිබිලා!

මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම්කර පිළිකා රෝගීන්ට විකුණු සැකකරුවෙකු ලබන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන ලද ඖෂධයක් එම රෝහලෙන් සොරකම්කර පිළිකා රෝගීන්ට රුපියල් 20,000ක මුදලකට විකිණීම සම්බන්ධව එම සැකකරුව අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔහුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී සැකකරුව ලබන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියම කළේය.

පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට මෙම ඖෂධය හිඟ බව පවසමින් රුපියල් 22,000ක මුදලකට විකිණීමට එකඟවී පසුව එය රුපියල් 21,000ක විකිණීමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව නිලධාරීන් සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී රුපියල් 425,970ක මුදලක් සහ එම වර්ගයේ තවත් ඖෂධ තොගයක් ද සොයාගත් බව අධිකරණයට දැනුම් දුනි.

නිවසින් සොයාගත් එම ඖෂධ තොගය රාජ්‍ය ලාංඡනය සහිත පෙට්ටිවල අසුරා තිබූ බවත් එම ලාංඡනය අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලීන් විසින් පරිත්‍යාග කරනු ලබන ඖෂධ සඳහා යොදනු ලබන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි  නීතිඥයන් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා ඖෂධවේදියෙකු වශයෙන් සේවය කරන බැවින් ඔහු තම නිවෙස තුළ පවත්වාගෙන යනු ලබන ෆාමසිය සඳහා මෙම ඖෂධ තබාගෙන ඇති බවය.

අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් මෙහිදී සඳහන් කළේ මෙම සැකකරුට ඖෂධවේදියකු වශයෙන් කටයුතු කිරීමට අදාළව කිසිදු බලපත්‍රයක් ඔහු සතුව නොමැති බවය.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරුව ලබන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka