13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක නොකරන ලෙස අවධාරණයෙන් යුතුව දැනුම් දෙන බව ත්‍රෛනිකායික මහා මහා නායක හිමිවරු අද (2) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා සිටියහ.
ජනාධිපතිවරයා අද (2) පෙරවරුවේ මහා නායක හිමිවරුවන් බැහැ දැකීමට මල්වතු අස්ගිරි මහා විහාර වෙත ගිය අවස්ථාවේ දී උන්වහන්සේලා සිය අත්සනින් යුතු මෙම ලිපිය ජනාධිපතිවරයා අතටම භාර දී තිබේ.
රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු ඇති කරන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත්ම බලාත්මක නොකළ යුතු බවට මහා සංඝරත්නය අවධාරණය කරන බව එම ලිපියෙන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.
