gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ඔය ගෑණිව දැන්ම අරස්ට් කරපන්’ - හිරුණිකා ඉදිරිපිට සිටි පොලිස් නිලධාරියෙකුට දේශබන්දු තෙන්නකෝන්ගෙන් දුරකථන ඇමතුමක්! (VIDEO)

ත්‍රස්ත මර්දන පනත යටතේ තමන් අත්අඩංගු ගැනීමේ සූදානමක් තිබු බව සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. 
නිදහස් උත්සවයට පෙර දින කොළඹ ගාලු මුවදොර පැවති විරෝධතාවය දී පැමිණි පොලිස් නිලධාරියෙකුට ‘ඔය ගෑණිව දැන්ම අරස්ට් කරපන්’ යයි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ලැබුන දුරකථන ඇමතුමක් හරහා තමන්ට ඒ බව පැහැදිලි වූ බවත් ඇය පැවසීය.

නිදහස් උත්සවය රාජ්‍ය උත්සවයක් නිසා ත‍්‍රස්තවාදී කුමන්ත්‍රණයක් යයි චෝදනා කරමින් තමන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියාට නියෝග ලැබී තිබූ බවද ඇය පැවසුවාය.

මේ වන විට තමන් යන එන තැන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් දැඩි සෝදිසියෙන් සිටින බවද ඇය තවදුරටත් කියා සිටියාය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියාය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka