සැකකරුවකු සමග පොලිස් බාරයට ගත් විශාල ඇත් දළ යුගළය තමාගේ නිවෙසින් අතුරුදහන් වූ ඇත් දළ යුගලය නොවන බවට හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ඊයේ තහවුරු කර ගත්තේය.
ඒ මෙම සිද්ධිය සම්බන්ධ නඩුව මොරවක මහේස්ත්‍රාත් ගිහාන් බුද්ධික බස්නායක මහතා ඉදිරියේ ඊයේ (27) කැඳවූ අවස්ථාවේ මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුව අධිකරණ නිලධාරීන් ඉදිරියේ එම ඇත් දළ යුගල හඳුනා ගැනීමට මන්ත්‍රිවරයා අවසරය ලැබිණි.ඒ අනුව එය පරීක්ෂා කළ ඇමැතිවරයා එය තමාගේ නිවසින් සොරාගත් ඇත් දළ යුගල නොවන බවට තහවරු කර ගත් අතර මෙම නඩු විභාගය ජූනි 19 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් පිටව යද්දී අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මෙසේ පැවැසීය.
මගේ ගේ ගිණි තියපු වෙලාවේ නිවසේ තිබූ ඇත් දළ ජෝඩුවක් අතුරුදහන් වුණා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ඉකුත් (12) වන දින ඇත්දළ ජෝඩුවක් අත්අඩංගුවට ගත් බව දැනගන්නට ලැබුණා.
ඒක නිවසේ තිබී නැතිවුණු ඇත් දළ ජෝඩුව දැයි සොයා බැලීම සඳහා අධිකරණයෙන් අවසර ලැබුණා.
මහේස්ත්‍රාත් වරයාගේ අවසරය මත රෙජිස්ටාර් ඉදිරියේ එය පරික්ෂා කළා. එම ඇත් දළ ජෝඩුව පරික්ෂා කිරීමෙන් අනතුරුව එය තමන්ගේ නිවසේ තිබී අතුරුදහන් වූ ඇත් දළ ජෝඩුව නොවන හෙයින් නැවත පිටව යනවා.