gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ලිට්‍රෝ එකේ හිටපු සභාපති කෙනෙක් තනතුරු දෙකකට පඩි-දීමනා මාසෙට ලක්ෂ 15කට වඩා අරගෙන! විගණන වාර්තාවකින් හෙළිවෙයි! මේවා හොරකම්ද-වංචාද-දූෂණද-මොනවාද?

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපතිවරයකු නිසි අනුමැතියකින් තොරව එම ආයතනයේ විධායක නිලධාරි තනතුර ද දරමින් තනතුරු දෙක සඳහාම වැටුප්, වාහන, ඉන්ධන දීමනා සහ විනෝදාස්වාද දීමනා ඇතුළුව මසකට රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් වැටුප් හා දීමනා ලෙස ලබාගෙන ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

විගණන වාර්තාවට අනුව එම හිටපු සභාපතිවරයා සභාපති ධුරය සඳහා වන රුපියල් 5,75,000ක මාසික වැටුප ද විධායක නිලධාරියා සඳහා වන වැටුපෙන් සියයට පනහක් ද ලබාගෙන ඇත.

එසේම ඔහු විධායක නිලධාරියාට හිමි රුපියල් 150,000ක මාසික විනෝදාස්වාද දීමනාවක් ද ලබාගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

විගණන වාර්තාවට අනුව එක් නිලධාරියකු සඳහා මාසික වාහන දීමනාව ලෙස අනුමත කර ඇත්තේ රුපියල් 50,000ක් වුවද මෙම හිටපු සභාපතිවරයා තනතුරු දෙක වෙනුවෙන් මාසික වාහන දීමනාව ලෙස රුපියල් 4,43,300ක දීමනාවක් ලබාගෙන ඇත.

 එම විගණන වාර්තාවට අනුව මෙම තනතුර සඳහා අනුමත මාසික ඉන්ධන දීමනාව ලීටර් 150ක් වුවද සභාපතිවරයා තනතුරු දෙක සඳහා මාසිකව ඉන්ධන ලීටර් 500ක් ලබාගෙන ඇත.

 චක්‍රලේඛවලට පටහැනිව මාසිකව රුපියල් 50,000ක රියැදුරු දීමනාවක් ද හිටපු සභාපතිවරයා විසින් ගනු ලැබ ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මෙම තනතුරු දෙකම එකම පුද්ගලයකු විසින් දරනු ලැබීම ද ඔහු අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන්නකු වීම නිසා එම තනතුරු දෙක සඳහා ප්‍රතිලාභ පිළිබඳ තීරණ ගැනීමේදී ළැදියාවන් අතර ගැටුමක් ඇති කරන බව ද එම වාර්තාවේ සඳහන් කර තිබේ.

විගණන වාර්තාවට අනුව ඉහත ගෙවීම් කිරීම සඳහා තීරණ ගෙන තිබෙන්නේ ඔහු ද නියෝජනය කරන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් වන අතර ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ගත යුතු වුවද එසේ අනුමැතිය ලබාගෙන නැත.

විගණකාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ විගණන වාර්තාවකිනි.

සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි 2019 වසරෙන් පසු මේ දක්වා සමාගමේ සභාපති හා  ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දෙකම දරන්නේ එකම පුද්ගලයෙකි. -ලංකාදීප


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka