gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය 2024 තෙක් කල්දමන්නැයි මුදල් අමාත්‍යංශය මැතිවරණ කොමිසමට දැනුම් දෙයි!

ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

නැකත එළබෙන තුරු කල්බලා නොසිට 2023 පළාත් පාලන මැතිවරණය කල්දැම්ය යුතු බව අවධාරණය කිරිම.

2023 පළාත් පාලන මැතිවරණයට අදාල කටයුතු සංවිධානය කිරිමේ දි පැන නැගි තිබෙන මුල්‍ය දුශ්කරතා පිලිබද සාකච්ජා කිරිම සදහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් (14) මැතිවරණ කොමිසම වෙත කැදවන ලදි.

එහිදි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහාතා සාකච්ජාවේදි අදහස් දක්වමින් පැවසුවේ පළාත් පාලන මැතිවරණය වියදම් සදහා රුපියල් මිලියන 300 ක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශයෙන් කරන ලද ලිඛිත ඉල්ලිමට ප්‍රතිචාර නොමැති නිසා තමා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහාතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් විට ඹහු රුපියල් මිලියන 300 ක මුදලක් කොටස් වශයෙන් හෝ මැතිවරණ කොමිසම වෙත මුදාහැරිම කල නොහැකි බව පැවසු බවයි.

තවද රටේ ආර්ථිකය යහාපත් වන තුරු 2023 පළාත් පාලන මැතිවරණය 2024 වසර දක්වා කල්දැමිම යෝග්‍ය බව ඹහු තමාට පැවසු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසිය.

මැතිවරණ කොමිසම විසින් රුපියල් මිලියන 40ක අත්තිකාරම් මුදලක් ජන්ද පත්‍රිකා මුද්‍රණයට රජයේ මුද්‍රණාලයට ලබා දුන්නද ජනාධිපතිවරයා ගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය මගින් රාජ්‍ය ආයතන වල වියදම් දැඩිව සීමා කිරිමට නිකුත් කර ඇති චක්‍රලේකය මගින් රාජ්‍ය ආයතන අතර ණය පදනම මත භාණ්ඩ සහ සේවා සැපයිම අත්හිටුවා ඇති නිසා මුද්‍රණය කර ඇති තැපැල් ජන්ද පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට නිදහස් කල නොහැකි බව රජයේ මුද්‍රණාලාධිතිනිය විසින් (13) දින ලිපියකින් මැතිවරණ කොමිසමට දන්වා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසිය.

මෙම සාකච්ජාවේදි ඇති වි තිබෙන අර්බුදකාරි තත්ත්වය මත පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකිද නොහැකිද යන්න ප්‍රකාශ කරන ලෙස එක්සත් ජාතික පක්ශ මහා ලේකම් පාලිත රංගේ බන්ඩාර විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමුකල ප්‍රශ්නයට පිලිතුරු ලබා නොදි නිරුත්තර වන්නට සභාපතිවරයාට සිදුවිය.

මෙවන් පසුබිමක කඩිනමින් රජයේ අදාළ පාර්ශව සමග සාකච්ජා කර මැතිවරණය කල්දැමිම සිදුනොකර මැතිවරණය කල්දැමිමට නැකතක් එළබෙන තුරු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කල්මරමින් සිටින්නේ දැයි ප්‍රශ්න සහාගතය.

මැතිවරණය පැවැත්විමේ අවිනිශ්චිත බව තවාදුරටත් වැඩිවිම නිසා දේශපාලන පක්ශ සහා ස්වාධින කණ්ඩායම් වල අපේක්ශකයින්ට ප්‍රචාරන කටයුතු සිදුකිරිම සදහා බාධා මතුව තිබේ.

එබැවින් මෙම අවස්ථාවේ රටේ පවතින ආර්ථික අර්බුදයේ දිග පළළ හොදින් අවබෝධ කරගෙන රාජ්‍ය නිළධාරින් මානසික පිඩනයකට ලක් නොකරමින් සහ මැතිවරණයට ඉදිරිපත් වි සිටින දේශපාලන පක්ෂ අපේක්ශකයින්ද අපහසුතාවයට පත් නොකර කඩිනමින් මැතිවරණය කල්දැම්ම සදහා සුදුසු ක්‍රියාමාර්ග ගැනිම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගේ වගකිමක් බව අප සංවිධානය අවධාරණය කරන්නෙමු.

එස්.බි හේරත්,
විධායක අධ්‍යක්ෂ,
ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka