gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෙහෙත් පෙත්තක් නැතිව දරු කැකුළු මැරෙන්න අත්හැරිය රටේ ජනාධිපතිලාගේ වාහනවලට සල්ලි වෙන්වෙන හැටි!

දැඩි ආර්ථික අර්බුදයක් තිබියදී පවා හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුටම 2023 සඳහා වාහන වියදම් ලෙස රුපියල් කෝටිය බැගින් වෙන් කර ඇති බව අනාවරණය වේ.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරියවන හේමා ප්‍රේමදාසට වාහන සඳහා වෙන් කළ මුදල හය ගුණයකින් පමණ ඉහළ දමා ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

ඊයේ ඩේලි මිරර් පුවත්පත මේ පිළිබඳව භාණ්ඩාගාර සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන තිදෙනාට වාහන සඳහා පමණක් රුපියල් කෝටිය බැගින් වෙන් කර ඇති බවය.

මීට අමතරව හේමා ප්‍රේමදාසට රුපියල් ලක්ෂ අටක් වූ වාහන සඳහා දීමනාව 2023 වසර සඳහා පනස් ලක්ෂයක් දක්වා වැඩි කර ඇත.

හිටපු ජනාධිපතිවරුන් අතරින්, විරෝධතා මැද පළාගිය ගෝඨාභය රාජපක්ෂට වාහන සඳහා රුපියල් ලක්ෂ 20ක් වෙන් කර තිබේ. මෙම සෑම ජනාධිපතිවරයෙකුටම සහ හිටපු ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාසට ගොඩනැඟිලි සහ ව්‍යුහ සඳහා රුපියල් මිලියනය බැගින් වෙන් කර ඇති බව ද එම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

මෙම ජනාධිපතිවරුන් සඳහා වෙන් කර ඇති එකොළොස් ලක්ෂ හැත්තෑදහසක විශ්‍රාම වැටුප් දීමනාවට අමතරව වෙන් කර ඇති වෙනත් මුදල් ප්‍රමාණයන් ද ඉහළ දමා ඇති අතර ඒ අනුව චන්ද්‍රිකා කුමාරතුංගට වෙන් කළ මුදල 2022 වසරට සාපේක්ෂව රුපියල් ලක්ෂ පහකින්, රුපියල් ලක්ෂ තිස්පහ දක්වා වැඩි කර ඇත.

මහින්ද රාජපක්ෂගේ, එම වෙන් කිරීම රුපියල් මිලියන 10 සිට මිලියන 11 දක්වා මිලියනයකින් වැඩි කර තිබේ.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සඳහා ද 2022 ට සාපේක්ෂව වෙන් කළ දීමනා රුපියල් මිලියන 10 සිට 11 දක්වා ඉහළ දමා ඇත.

පළා ගිය ගෝඨාභය ජනාධිපතිවරයාට ද රුපියල් මිලියන 10ක් වෙන් කර ඇතත් ඔහුගේ වෙනත් වියදම් සඳහා වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 2ක් පමණි.

හේමා ප්‍රේමදාසගේ වෙනත් වියදම් වැය ද රුපියල් ලක්ෂ 5කින් ඉහළ දමා ඇත.

lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka