gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජවිපෙ-පෙරටුගාමී ගැටුම් උග‍්‍රවෙයි.. මුදලිගේට ජවිපෙ අත වනයි..

ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර උද්ගත වී ඇති අභ්‍යන්තර මත ගැටුම් මධ්‍යයේ වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායමක් පෙරටුගාමී පක්ෂය අතහැර දැමීමේ සූදානමක් ඇතැයි ආරක්ෂක බුද්ධි අංශ රජයට දැනුම්දී ඇත. ඒ සඳහා සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.
මෙතෙක් විශ්වවිද්‍යාල තුළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වටා ගොඩනැගී තිබූ බලය මීළඟ ශිෂ්‍ය සංගම් නිලවරණයට පෙර මහා ශිෂ්‍ය සංගමය යටතට ගන්නැයි ජවිපෙ ප්‍රබලයින් කළ දැනුම්දීමකට අනුව බලය ඇල්ලීමේ ගැටුම උද්ගත වී ඇතැයිද බුද්ධි අංශ රජයට පෙන්වා දී තිබේ. මේ වන විට සරසවි තුළ ගැටුම් හටගෙන ඇත්තේද මෙහි ප්‍රතිඵලයක් ලෙස බව බුද්ධි අංශ නිලධාරීන් පෙන්වා දී ඇත.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක් කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණට සහාය දක්වමින් මහා ශිෂ්‍ය සංගමයට සහාය දැක්වීමට තීරණය කර ඇති බවත් තවත් කණ්ඩායමක් එයට විරෝධය පළකර ඇති බවත් අනාවරණය වී තිබේ. වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායමක් මහා ශිෂ්‍ය සංගමයට එක්කර ගැනීමට සාකච්ඡා කර ඇත්තේද මෙම මත ගැටුම් මධ්‍යයේ බව හෙළි වී ඇත.

මෙයට අමතරව සමගි ජන බලවේගය, හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් කිහිපයක්ද මීළඟ මැතිවරණයකදී ජාතික ජන බලවේගයට සහාය දක්වමින් ඡන්ද සටනට එක්වීමට යෝජනා කර ඇති බවත් පක්ෂ අභ්‍යන්තරයෙන් තවත් පිරිසක් විරෝධය පළ කර ඇති බවත් බුද්ධි අංශ හෙළිකර තිබේ.

– Aruna
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka