gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රතිඥා දුන්නට ඡන්දෙ තියන්න බෑ.. අපට සමාවන්න.. මැතිවරණ කොසිමස ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි…

එළැඹෙන මාර්තු මස 09 වැනි දා පළාත් පාලන මැතිවරණය පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි බවට මැතිවරණ කොමිසන් සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.
මුදල් නොමැති වීම හේතුවෙන් එසේ මැතිවරණය පැවැත්වීම නො හැකි බව අධිකරණයට දැනුම් දෙනු බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.
මාර්තු මස 09 දා පළාත් පාලන මැතිවරණය ස්ථිර වශයෙන්ම පවත්වන බවට මැතිවරණ කොමිසන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ එසේ පොරොන්දු වු පරිදි මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොමැති බවත් අධිකරණ නියෝගයක් අනවශ්‍ය බවත්ය.

පවතින තත්ත්වය මත මැතිවරණය පැවැත්වීමට නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව අනුව එසේ නොපැවැත්වීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වන නිසා මෙම තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මෝසමක් ඉදිරිපත් කරන බවද සභාපතිවරයා පැවසීය.
-lankacnews
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka