gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහේස්ත්‍රාත්වරයා උඩ තට්ටුවේ කාමරේක හිරකර හොරෙක් මහේස්ත්‍රාත්වරයාගේ කාර් එක උස්සන් ගිහින්! මහේස්ත්‍රාත්වරයා ජනේලෙන් පැන පොලිසි ගිහින්!

මහෙස්ත්‍රාත්වරයෙකු නවීන පන්නයේ දෙමහල් නිවසක සිරකර ඔහුගේ නිල මෝටර් රථය පැහැරගැනීමේ පුවතක් පිළියන්දල, මඩපාත ප්‍රදේශයෙන් වාර්තා වුණි.
මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නිවසක සිරකර මෝටර් රථය රැගෙන පළාගොස් ඇත්තේ ඔහුගේ නිවස කුලී පදනම යටතේ මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙකි.

මහෙස්ත්‍රාත්වරයෙකු සිය පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පිහිටි නවීන පන්නයේ දෙමහල් සුඛෝපභෝගි නිවස කුලී පදනමට ලබාදීම සඳහා ප්‍රසිද්ධ වෙබ් අඩවියක දැන්වීමක් පළකර ඇති අතර ඒ අනුව ඊයේ දින පුද්ගලයෙකු එම නිවස බැලීමට පැමිණ තිබේ.

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පිහිටි එම නිවස ගැනුම්කරුවාට පෙන්වීම සඳහා සිය සුඛෝපභෝගි මෝටර් රථයෙන් මහෙස්ත්‍රාත්වරයා පැමිණ ඇත්තේ ඒ අනුවය.

කෙසේවෙතත් මහෙස්ත්‍රාත්වරයා විසින් නිවස පෙන්වන අතරතුරු අදාළ තැනැත්තා මහෙස්ත්‍රාත්වරයාව උඩුමහලේ සිරකර දොර වසා මහෙස්ත්‍රාත්වරයාගේ සුඛෝපභෝගි මෝටර් රථයද රැගෙන පළාගොස් තිබේ.

මහෙස්ත්‍රාත්වරයා මෝටර් රථයේ යතුර පහළ මහලේ තබා තිබීම හේතුවෙන් එම තැනැත්තාට මෝටර් රථයද රැගෙන පළායාමට හැකිව ඇති බව වාර්තා වේ.

අදාළ තැනැත්තා මහෙස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය රැගෙන පළා යන අයුරු CCTV කැමරා දර්ශනවල  සටහන්ව තිබුණි.

කෙසේ වෙතත් අනතුරුව තමා සිරකර සිටි උඩු මහලේ ජනේලයකින් පිටතට පැන ඇති මහෙස්ත්‍රාත්වරයා මේ පිළිබඳ පොලීසියට දැනුම් දී තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනයේදී සැකකරු නිවස දක්වා පැමිණ ඇත්තේ කුලී ත්‍රී රෝද රථයකින් බව අනාවරණය වී ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka