gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කෙහෙළිය ගේ ඖෂධ කෙළියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

ජනාධිපතිවරයා විසින් නියම කරන ලද නියෝගයන් කඩ කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්  රටේ සම්මත ක්‍රියා පටිපාටියට පිටින් මෙරට  ලියාපදංචි නොකළ ඖෂධ වර්ග 300කට අධික ප්‍රමාණයක් ගෙන්වීමට කටයුතු කිරීමත්,   මෙරට අසාදු ලේඛනගත කළ ඉන්දීය ඖෂධ සමාගමක සංචාරයක යෙදුන අමාත්‍යවරයා  එම සමාගමෙන් ඖෂධ ලබා ගැනීමට උත්සාහ කිරීමත් ඇතුළු කරුනු ගණනාවක් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කටයුතු කර ඇත.
මහජන අවශ්‍යතා සඳහා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව ගොනු කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ඉන්දීය පෞද්ගලික සමාගම් දෙකක සැපයුම් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය (MoH) සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් 47 දෙනෙකු නම් කර තිබේ.

පෞද්ගලික සැපයුම්කරුවෙකු හරහා ලියාපදිංචි නොකළ ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් ලබා ගැනීමේදී හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුගත ප්‍රසම්පාදන  මාර්ගෝපදේශවලට  අනුකූල නොවීම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මෙම පෙත්සම මගින් අභියෝගයට ලක් කර තිබේ.    සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ ක්‍රියාවලි අවභාවිතය ද ඔවුන් මෙම පෙක්සම් මඟින් අධිකරණයට පෙන්වා දෙනු ලැබ ඇත.

මහජනතාවගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ යහපැවැත්ම බරපතල ලෙස නොසලකා හැරීම සහ මහජන විශ්වාසය සහ මහජන මුදල් අපයෝජනය කිරීමත් සමඟ සමානාත්මතාවය සඳහා පුරවැසියන්ගේ මූලික අයිතිය සහ තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය උල්ලංඝනය කර ඇති බවට  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සිය පෙත්සමෙන් චෝදනා කරයි.

මෙම පෙත්සම මඟින් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඉල්ලූම් නොකළ යෝජනා මත පදනම්ව ප්‍රසම්පාදනය වළකන ලෙස සහ ඖෂධ 38 ක් සඳහා ලියාපදිංචිය අත්හැරීම සඳහා අනුමැතියට එරෙහිව මෙන්ම එම ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝයක් ද නිකුත් කරන ලෙසයි.

මෙම ආයතනය මෙම පෙත්සමේ වගඋත්තකරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති,සැවොරිට්  ෆාමසූටිකල්ස් ප්‍රයිවට් ලිමිටඩ්,   කෞෂික් තෙරපියුටික්ස් ප්‍රයිවට් ලිමිටඩ් සහ නීතිපති ද වේ.

එසේම “සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හැසිරීම පක්ෂග්‍රාහී වීම, ක්‍රියා පටිපාටි අක්‍රමිකතා, මනාප සහ/හෝ තනි සැපයුම්කරුවෙකු කෙරෙහි පක්ෂග්‍රාහී වීම, අඛණ්ඩතාව නොමැතිකම සහ සුදුසුකම් ලත් උනන්දුවක් දක්වන අයට සිදුවූ සාධාරණ, සමාන සහ උපරිම අවස්ථාවන් ලබා දීමේ අවශ්‍යතාවය මුළුමනින්ම නොසලකා හැරීම වැනි කරුණු බව නිශ්චිතවම ප්‍රකාශ කර ඇත.

ප්‍රසම්පාදන ක්‍රියාවලීන් මගහරිමින් ශ්‍රී ලංකාවට වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට උත්සාහ කළ සැපයුම්කරුවෙකු වන කෞෂික් තෙරපියුටික්ස් කර්මාන්ත ශාලාව වෙත අමාත්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා සමඟ කළ පෞද්ගලික සංචාරය පිළිබඳවද පෙත්සමේ කරුණු සඳහන් කර තිබේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka