gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

තවත් ඛේදවාචකයක්! ළමයින්ට කන්න දෙන්න කොස් ගෙඩියක් කඩන්න ගිය අම්මා ගහෙන් වැටී මරුදකී! ගැහැනු ළමයි 4 දෙනාම අනාථයි!

දරු කුස පුරවන්න කොස් කඩන්න ගිය තිදරු මව ගසෙන් වැටී මිය යාමේ ඛේදජනක පුවතක් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ නාරංවිට බණ්ඩාරවත්ත පදිංචි බෝපාවිට ගෙදර ශාන්ති කුමාරී නැමති පනස් හැවිරිදි සිව් දරු මවකි.
ඇයට ගැහැනු දරුවන්ම සිව් දෙනකු සිටින අතර ඉන් තිදෙනකු ම පාසල් යන වයසේ පසුවෙති.

ඇගේ සැමියා  පුද්ගලික ආයතනයක කම්කරුවකු ලෙස සේවය කරන අතර මියගිය තැනැත්තියට රැකියාවක් නොමැති බවද අනාවරණය විය.

සැමියා උපයන සුළු ආදායම පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීම නිසා පාසල් ළමුන්ගේ උපකරණ සැපයීම, ආහාර සපයාගැනීම ,බෙහෙත් ගැනීම ආදී කාර්යයන් ඉටු කර ගැනීමේදී අසීරු තත්වයක මොවුන් සිට ඇත.

බොහෝ ආහාර වේල් සපයා ගැනීම සඳහා කොස් පොළොස් සොයා ගැනීම මෙම මව සිදුකර ඇති අතර පසුගිය 10 දින ද ඇය ඒ අනුව දහවල් ආහාර වේල සකසා ගැනීමට උත්සාහ කරමින් සිට ඇත.

නිවස අසල කොස් ගසේ ගෙඩියක් තිබෙනු දැක එය කඩා ගැනීමට ඇය විවිධ උත්සාහයන් දරා ඇත. දිගු රිටකට පිහියක් බැන්දද එයට වඩා උසින් කොස් ගෙඩිය තිබෙන නිසා ඒ දේ ඉටුකර ගැනීමට නොහැකි වී තිබේ. ඇය කොස් ගස අසල ඇති සාදික්කා ගසට නැඟ මෙම ගෙඩිය කැඩීම උත්සාහ කර ඇත .

සියලු උත්සාහයන් දැරුවද එය අසාර්ථක වුවද දරුවන්ගේ කුස ගිනි ගැන සිතූ ඇය කොස්ගෙඩිය කැඩීමට ගසට නැග තිබේ .

ඒ සමඟ ලොකු ශබ්දයක් ඇසී දරුවන් ගස අසලට පැමිණෙන විට ඇය ගස ළඟ වැටී සිටින බව දැක ගම්වාසීන්ගේ සහාය ලබාගෙන ඇය ගම්පොල රෝහලට රැගෙනවිත් ඇත.

දින පහක් පමණ ඇය රෝහලේ ප්‍රතිකාර ලබා ව  ඇය ජීවිත ගමනින් නික්ම ගියාය. 

-ලංකාදීප
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka