gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“නිදහස් උත්සවයට දරන්නේ සුළු වියදමක්” – ඇමති බන්දුල ඇඟට නොදැනී කියයි

රටක් ලෙස දරණ වියදම් ප්‍රමාණය සැලකීමේදී වසරකට වරක් පවත්වන නිදහස් දිනය වෙනුවෙන් රජය දරන්නේ ඉතා සුළු වියදමක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ මාධ්‍ය වේදියෙක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“මහා වියදම් ප්‍රමාණය සමග සැසදීමේදී අවුරුද්දකට වරක් පැවැත්වෙන නිදහස් දිනය වෙනුවෙන් දරන්නේ ඉතා සුළු වියදමක්. රටකට හැකියාවක් නෑ ජාතික වශයෙන් පවත්වෙන නිදහස් දින උත්සවයක් නොකර ඉන්න. එය රටක අභිමානය දැක්වීම වෙනුවෙන් පවත්වන සම්ප්‍රදායක්. මේ දිනය සැමරිය හැකි උපරිම අයුරින් පැවැත්වීම ඒ ඒ රටවල් විසින් සිදුකරනවා. සම්ප්‍රදායික දැරිය යුතු වියදම් දරන්න එපා කියන්න බෑ. අපිට අමාරුකම් තිබුණත් පාර්ලිමේන්තව පවත්වාගෙන යන වියදම්, අධිකරණ පද්ධතිය වෙනුවෙන් දරණ වියදම්, ජාතික වැදගත්කමක් ඇති වෙනත් ව්‍යාපෘති වෙනුවෙන් දරණ වියදම් කපා හරින්න බෑ. වියදම් අවම කර ගැනීමට උපදෙස් දී තිබෙනවා. මේ 75 වැනි නිදහස් සැමරුම නිසා වඩා උත්කර්ෂවත් ලෙස පැවැත්විය යුතුයි අන්තර්ජාතික සහයෝගීතාව ලබා ගැනීමට.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka