බලු වීඩියෝවෙන් පසු ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධුරයට පත් කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ආශු මාරසිංහ මහතා ජනාධිපති වරයාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයෙහි යළි පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. පසුගිය තිස් වෙනිදා ජනාධිපති විසින් ඔහු එම තනතුරේ යළි පිහිටුවා ඇත.
සුරතල් සුනඛයෙකු සම්බන්ධ ලිංගික හිංසන චෝදනා එල්ල වූ වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරුවූ දිනවල ඔහු එම තනතුරින් ඉල්ලා අස්විය.
තමන් ආශු මාරසිංහ මහතාගේ සහකාරිය බව පැවසූ ආදර්ශා කරදන නැමැති කාන්තාව හිටපු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මේ ගැන පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන්ද ආශු මාරසිංහ මහතා රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසි යොමු කර තිබේ.
බලු වීඩියෝවෙන් පසු ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධුරයට පත් කරයි
2023-02-03T11:33:00+05:30
Lanka Hot News






