gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිනීමැරුම් 9ක් කළ අයකු රටින් පනින්න කටුනායකට ඇවිත් ජංජාලයක්! පොලිසියෙන් අල්ලාගෙන කූඩු කරයි! හදිසියේම චීවරධාරීන් දෙදෙනෙකු ඇවිත් සැකකරුව කූඩුවෙන් එළියට ගනී! සැකකරු කටුනායකින් පනී!

ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ රටකට පළා යෑමට තැත් කළ දරුණු ඝනයේ අපරාධකරුවෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ අත් අඩංගුවෙන් මිදී  පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය .

මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග විදේශ ගත වීම සදහා මෝටර් රථ දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (24)  දින රාත්‍රීයේ පැම්ණ ඇතැයි  පොලීසිය පවසයි .

මෙම පුද්ගලයාට එරෙහිව ඔහුගේ සැබෑ නමින් සහ ඔහු පෙනී සිටින ව්‍යාජ නමින්ද ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබී ඇත .

කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම පුද්ගලයා තම කවුළුව වෙත පැමිණි පසු , විදේශ ගත වීම වලක්වා , ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත දැනුම් දී තිබේ.

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ මොහු අත් අඩංගුවට ගෙන සිර මැදිරියෙහි රදවා තබා තිබේ .

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ආ පුද්ගලයෙකු බවත් , ශ්‍රී ලංකාව පුරා තමන් මිනීමැරුම් 09 ක් පමණ  සිදු කර ඇති බවත් , මෑතකදී හංවැල්ල ප්‍රදේශයේ මිනීමැරුම ද ඒ අතර වන බවත් ප්‍රකාශ කර තිබේ .

ඉන් මද වේලාවකට පසුව මෙම පුද්ගලයා නිදහස් කර ගෙන යෑමට චීවරදාරීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ තිබේ .

පසුව කළ විමර්ශන වලදී මෙම චීවරදාරීන් ව්‍යාජ පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී තිබේ .

එම අවස්ථාවේ දී සිර මැදිරිය තුළ සිටි පුද්ගලයා එයින් පිටතට ගෙන තිබේ .

ඒ අතරතුර මෙම පුද්ගලයා  කටුනායක ගුවන් තොටුපළ පොලීසියෙන් පළා ගොස් තිබේ.

මේ පිළිබඳව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් පිරිසක්  කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ වනවිට එම අවස්ථාවේ රාජකාරී වල නිරතව සිටි පොලිස් සැරයනවරයෙකු අත් අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ .
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka