gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

“වක්‍රාකාරව ජැක් එකක් ගැහුවා” – විමල් හිටපු ජනපති ලඟ තියාගෙන මූණටම කී කතාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, විජයධරණී ජාතික සභාව හා යුතුකම ජාතික සංවිධානය, නිදහස ජනතා සභාව, ජන ජය පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, නිදහස් ජනතා පෙරමුණ ද ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් ඊයේ (11) කොළඹ දී සන්ධානගත වුණා. 
එහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ දැනටමත් අපේ මේ සන්ධානය ගොඩනැගීම පිළිබඳව ඇතැම් දේශපාලන පක්ෂ කලබල වී තිබෙන බවයි.

මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.

“දැනටමත් අපේ මේ සන්ධානය ගොඩනැගීම පිළිබඳව ඇතැම් දේශපාලන පක්ෂ කලබල වෙලා තිබෙනවා. ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු කියනවා දැක්කා, ‘හැමදාම කාට හරි ජැක් ගහමින් හිටපු කට්ටියක් අලුතින් මොකද්ද එකක් හදනවාලු. කොහෙට ජැක් ගහන්න ද, දන්නේ නැහැ’ කියා. ඒ තරම් කලබල වෙලා. ජැක් නොගහපු කෙනෙක් මෙහෙම කීවා නම් කමක් නැහැ. ජැක්සන්ලානේ මෙහෙම කියන්නේ. 2001 සැප්තැම්බරයේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග ‘පරිවාස ආණ්ඩු’ ජැක් එක ගැහුවේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. 2005දී මහින්ද රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරවන්න ජැක් එක ගැහුවේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. 2010දී සරත් ෆොන්සේකා මහත්තයාව කරේ තියාගෙන ගියේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. ඒකත් ජැක් එකක්. ඊළඟට 2015දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ජනාධිපති කරවීමේදීත් වක්‍රාකාරව ජැක් එකක් ගැහුවා. එදා 2015දී රනිල් වික්‍රමසිංහ අගමැති වුණේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ ජැක් එකේ ප්‍රතිපලයක් විදිහට. රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා මුදල් ඇමතිලා පත් කළේ, මහ බැංකු අධිපතිලා දෙන්නෙක් පත් කළේ, ඒ ජනතා විමුක්ති පෙරමුණ ගහපු ජැක් එකේ ප්‍රතිපලයක් විදිහට. එදා අරලියගහ මන්දිරයේ පවත්වාගෙන ගිය ‘දූෂණ විරෝධී කමිටුවේ’ ජනතා විමුක්ති පෙරමුණ හිටපු බව තහවුරු වී තිබෙනවානේ. අපි මේ සන්ධානය හදන්නේ ජැක් එකක් ගහන්න, කියා කියන්නේ එහෙම ජැක්සන්ලායි.

කවුරුත් මතක තබා ගන්න, මේ සන්ධානය,  ජැක් ගහන එකක් නොවෙයි. අපේ සන්ධානයේ තිබෙන්නේ නායකත්ව මණ්ඩලයක්. තනි පුද්ගලයකු නායකයකු ලෙස සැලකෙන්නේ නැහැ. නායකත්ව මණ්ඩලයක් ලෙසයි සාමූහික තීන්දු ගනු ලබන්නේ. මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු ඕනෑම අවදානම් සහගත තීන්දුවක් ගැනීමට මේ නව සන්ධානය සූදානම්, කියා අවධාරණය කරනවා. මාතෘභූමියට ජයග්‍රහණය ගෙන එන්න අපි සියලුදෙනා භේද අමතක කොට, සමගිව ඉදිරියට යමු! එවිට ජයග්‍රහණය නියතයි. ඒ සඳහා ඔබ සැමට යෝධ බල, යෝධ වීර්ය ලැබේවා’යි පතනවා.” යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka