gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දෙන් පොහොට්ටුව බිංදුවට බස්සන්න... ජවිපෙ අත්හදා බලන්න යාම භයානකයි – විමල් වීරවංශ

මෙරට දේශපාලනයෙන් පවුල් පාලන අවසන් කිරීමට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ‘පොහොට්ටුව’ බිංදුවට බැස්සිය යුතු බවත් මෙතෙක් අත්හදා නොලැබූ සමහරුන් අත්හදාබැලීමට ජනතාව උත්සහ නොකළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් වඩාත් දැඩිම අර්බුදයට මුහුණ දී සිටින බවත් එම ආර්ථික අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇති බවත් හෙතෙම කීය.

ජන වරමක් නොමැතිව ජාතික ලැයිස්තුවෙන් තනි මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයෙක් රට පාලනය කරන බව කී විමල් වීරවංශ, සඳහන් කළේ වර්තමානයේ රට මුහුණ දී සිටින අර්බුදයට අඩිතාලම යහපාලන ආණ්ඩුව සමයේ දැමූ බවත්ය.

යහපාලන ආණ්ඩුව සමයේ ඩොලර් බිලියන 16 ක වාණිජ ණය ලබාගෙන පිලිසිඳ ගත් ආර්ථික අර්බුදය නැමැති බිළිදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ උපත ලැබූ බවත් දියණියට දරුවා ලැබෙන තෙක් නොදන්වා යැයි කියූ මව මෙන් ගෝඨාභය රාජපක්‍ෂ ආර්ථික කඩාවැටෙන තෙක් නොදැනීම පුදුම විමල් වීරවංශ පැවසීය.

යහපාලන ආණ්ඩුව සහ මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දැක්වුවා සේම වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට තමන් ඇතුළු පිරිස සහයෝගය දැක්වූ බව කී හෙතෙම පැවසුවේ එය එසේ වුවද එම ආණ්ඩුව වැරදි කරද්දී මුල සිටම විරෝධය දක්වමින් පෙනී සිටි බවයි.

රට වර්තමානයේ පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීමට සජිත් ප්‍රේමදාසට හැකියාවක් නොමැති බව කී මන්ත්‍රීවරයා, රට ගොඩගැනීමේ ගැඹුරු හැගීමක් ඇති කණ්ඩායමක් නිදහස් ජනතා සන්ධානයේ සිටින බව ද සඳහන් කළේය.

නිදහස් ජනතා සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් කොළඹදී ඊයේ (27) පැවැති විශේෂ උත්සවයේදී විමල් වීරවංශ එසේ පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka