gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විමලුත් අවදානම් සීමාවේ! තීරණාත්මක නඩු තීන්දුවකට දින නියම කෙරේ!

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවක් පවත්වාගෙන යන්නේද නැද්ද යන තීන්දුව පෙබරවාරි මස 28 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කලේය.

රුපියල් මිලියන 75ක අධික වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත්තේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල කරමින් ගොනුකර ඇති පැමිණිලිවලට අදාළව අද කොළඹ මහාධිකරණය ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ මෙසේ නියම කළේය.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අධිකරනයේ මූලික විරෝධතා මතු කරමින් කියා සිටියේ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යනු රාජ්‍ය සේවක වශයෙන් අර්ථකථනය කර නොමැති නිසා ඔහුට එරෙහිව අල්ලස් පනත යටතේ මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka