රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් කොළඹ රක්ෂිත බන්ධනාගාරය වෙත ගොස් තිබේ.
අදාළ නියෝජිත කණ්ඩායමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි , එහි අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු තවත් දෙදෙනෙකු ඒ අතරට ඇතුළත් ය.
වසන්ත මුදලිගේ මහතා රඳවා සිටි රැඳවුම් ස්ථානය වෙත ගොස් ඔහුගේ රැඳවුම් තත්වය පරීක්ෂා කළ බව මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ඒ අනුව රැඳවුම් තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව මානව හිමිකම් කොමිසම බන්ධනාගාර නිලධාරින් දැනුවත් කර තිබෙන අතර රැඳවියන් වෙත ලබා දෙන ආහාර සහ, ඒවා පිළියෙළ කරන ආකාරය සම්බන්ධයෙන් ද මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කරුණු විමසා බලා තිබේ.
මෙම පරීක්ෂණයේදී හඳුනා ගත් කරුණු පිළිබඳව වැඩිදුර කරුණු විමසීම සඳහා ඉදිරියේදී බන්ධනාගාර නිලධාරින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවීමට නියමිත ය.