gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අලි – පොහොට්ටු හවුලට අමුතු සැලසුමක්! බැසිල්ගේ කතාවට එජාපයට කට උත්තර නෑලු

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වන්නේ අදියර දෙකකින් බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසනවාත

ඒ අනුව ඡන්දෙට පෙර සහ පසුව මෙම එක්වීම අදියර දෙකකින් සිදුවන බව වාර්තා වනවා. 
පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ සහ පොහොට්ටුවේ ප්‍රබලයන් හා දිස්ත්‍රික් නායකයන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ හමුවක් පැවැත්වූ අතර එහිදී මේ පිළිබඳව එකඟතාවකට පැමිණි බව එම ප්‍රකාශකයා සඳහන් කළා.

එහිදී ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුවට දිස්ත්‍රික්ක අනුව මෙතෙක් ලැබුණු හා ලැබෙන ඡන්ද ප්‍රමාණය දත්ත අනුව පැහැදිලි කර ඇති අතර එජාප මහ ලේකම් ඇතුළු පිරිසට එවැනි දත්ත ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවද වාර්තා වනවා.

කෙසේ නමුත් පසුගිය දිනවල මාධ්‍යයේ ප්‍රබල පුවතක් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව මැතිවරණයට තරග කරන බවයි. එනමුත් එය සිදුවන්නේ අදියර දෙකකින් බවත් උදාහරණයක් ලෙස පොහොට්ටුවෙන් ඡන්ද දිනාගත හැකි බහුතරයක් ප්‍රාදේශීය සභාවල පිරිස් පක්ෂ දෙකෙන් වෙන වෙනම ඉල්ලා දිනා සභා පිහිටුවීමේදී එක්වෙමු යන්නට දෙපාර්ශ්වයම එකඟ වී තිබෙනවා.

එමෙන්ම නගර සභාවල එක්සත් ජාතික පක්ෂයටත් පොහොට්ටුවටත් ඡන්ද සමබර වන ආකාරය කෙසේද යන්න පිළිබඳව පක්ෂ දෙකෙහිම දිස්ත්‍රික් නායකයන් සිය දත්ත ඉදිරිපත් කර තිබෙන අතර භූමියේ වාසිය තබමින් ඒ ඒ ප්‍රදේශවලට නාමයෝජනා දීමට කටයුතු කිරීමටද ඔවුන් අතර එකඟ වී ඇතැයි වාර්තා වනවා.

මේ අතර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව තරග කිරීම පිළිබඳ තවත් සාකච්ඡා වට කිහිපයක් ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් පවත්වන බවත් දිස්ත්‍රික් පහක් සඳහා එක්ව තරග කිරීම පිළිබඳ පක්ෂ දෙක එකඟතාවකට පැමිණි බවත් එම පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka