තමන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පාර්ශ්වයකට සහාය ලබා නොදී ස්වාධීනව සිටින බවට ජනාධිපතිවරයා විසින් මීට පෙර නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබුණද අද දිනයේ එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා සදහා ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.
අද පෙරවරුවේ පැවැති මෙම සාකච්ජාව සදහා එජාපය නියෝජනය කරමින් වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන් සහභාගී වී සිටි අතර පොහොට්ටුව නියෝජනය කරමින් ඊට සහභාගී වී සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ය.
අනුරාධපුරයේ ඇප තැන්පත් කිරීමේ කටයුතු හේතුවෙන් පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා ඊට සහභාගී වී සිටියේ නැත.
කෙසේවෙතත් මෙම සාකච්ඡාවේදී එජාපයේ දිස්ත්‍රික් නායකයන්ද කැදව ඉදිරියේදී තරග කරන ආකාරය සහ පක්ෂය ඊට සූදානම් වන ආකාරය විමසීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට ඇත.